ස්වාසිලන්තය (swaziland)
හැදින්වීමක් ස්වාසිලන්ත රාජධානිය ලෝකයේ තියෙන කුඩාම රටවල් අතරන් එකක්. කාලයකට කලින් මේ රට ‘බසුටෝලන්තය’ නමින් හඳුන්වා තිබෙනවා. රටක් ඇතුලේ පිහිටි තවත් රටක් ලෙස හඳුනා ගන්නා ස්වාසිලන්තය සතු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 17364 ක් පමණ (බ්‍රිතාන්‍යයේ වේල්සය තරම් යැයි විකිපීඩියා කියයි,ලංකාවේ උතුරු නැගෙනහිර පලාතේ( North Eastern Province ) විශාලත්වය වර්ග කිලෝමීටර 18880කි) වේ. මෙය සම්පුර්ණ වශයෙන් පිහිටා ඇත්තේ දකුණු අප්‍රිකාව තුළ, එහි මොසැම්බික් දේශසීමාවට ආසන්නයේ ය. ඩ්‍රැගන්ස්බර්ග් කඳුවැටියේ නැගෙනහිර සීමාවේ පිහිටා ඇත. රටෙන් හතරෙන් තුනකම කඳුකර ලක්ෂණ දැකිය හැක. View Larger Map දේශගුණය හා පරිසරය දේශගුණය තීරණය කරන පුදානම සාධකය වන්නේ කඳුකරයයි. දිවා කාලය රළු උණත්වයකින් හා රාත්‍රීකාලය දැඩි සිතලකින් යුතු යැයි කියනු ලැබේ. ශීත සෘතුවේදී දැඩි ශිත බවක් පරිසරයේ දක්නට ලැබෙන අතර කඳුකර ප්‍රදේශවලට හිම පතනය ද සිදු වේ. වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 690 ක් පමණ වේ. සැවානා තෘණ භූමි බහුලය. ජනගහණය හා ජනතාව ලෝකයේ රටවල් අතරින් 157 වැනියට විශාලතම රාජ්‍ය ලෙස හඳුනා ගැනේ. වර්ග කිලෝමීටරයක් තුළ වාසය