Posts

ආසියාවේ වැනීසිය ශ්‍රී නගර්

Image
ශ්‍රී නගර් හි ගමනක් යන පවුලක් සොනෝමාර්ග් යන අතරමග ලක්ෂණ කදුපන්තියක් ශ්‍රී නගර් හි එදිනෙදා ගමනක් යනමවක් සහ කුඩා පුතු අලංකාර ඇපල් ගෙඩි දෙකක් උකුස්සෙක් පන්ජාබ් ක්‍රමයට පිසින ලද සුප් එකක් ගුල්මාර්ග් හි කේබල් කාර් අයිස්ආසන්නයේ වැඩුනු පැලෑටියක් හිම සෙල්ලම් කරන යුවතියක්. අඩු හිම මතත් ක්‍රීඩා කරන සංචාරකයින් ශ්‍රී නගර්හි බෝට්ටු කරෙුවක් ශ්‍රී නගර් යන අතරමග වූ පයිනස් ගසක්   හිම බලන්න කොහේටද යන්නෝනි. ? කියල ඇහුවම බොහෝ දෙනා හිතන්නෙ හිම බලන්න නම් යුරෝප රටකට හරි සුවිට්සර්ලන්තෙ හරි යන්න ඕනි කියලා. ලගම තියෙන ඉන්දියාවෙ හිම තියනවා කියල අපිට මීටර වෙන්න ටිකක් වෙලා යනවා. හිම විතරක්ම නෙමෙයි ශිත සෞම්‍ය කාලගුණයට අදාල බොහෝ සුන්දර ස්ථාන බොහොමයක් ඉන්දියාවේ ඉහල දේශසීමා කෙළවරේ තිබෙනවා. එයින් වඩාත් ජනප්‍රිය ආකර්ශනීය ස්ථානයක් තමයි ශ්‍රී නගර් කියන්නෙ. කදු වලල්ලකින් වට වුනු ශ්‍රී නගර් නගරය සහ ඒ අවට ඇති ආකර්ශනීය ස්ථාන බලාගන්න එක ජීවිත කාලයේ ලබාගත හැකි සුන්දර අත් දැකීමක් වේවි.  ශ්‍රී නගර් සහ ඒ අවට බලන්න ගිය ලාංකිකයින් බොහොම අඩුයි. අපි කන්ඩායමක් පහුගිය කා

ගමන් ප්ලෑන gaman plan1

යාලුවනේ අපි යන ටිප් එක පටන් ගන්නෙ දිල්ලි වලින්..අපි දිල්ලි වල බහින්නෙ  06 වැනිදා උදේ 10.30ට විතර. අපිට 6 වෙනිදා 11.30 වෙද්දි පරණ දිල්ලි රේල් ඉස්ටේශමට ඇවිත් ඉන්න හැකි වේවි..  අපි බුක් කරගත්ත ෂලිමාර් එක්ස්ප්‍රස් ට්‍රේන් එක තියෙන්නෙ 15.50ට ..ඒක එනතෙක් අපිට පැය 5ක් විතර දිල්ලි ඉන්න පුලුවනි. ඇදුම් මාරුකරගැනීම ඕනිනම් අපිට දිල්ලි වලදි කරගන්න පුලුවනි. නැතත් ඒක ජම්මු ඉස්ටේශන් එකේදි වුනත් කරගත හැකි වේවි.  07 අපි ඉන්නෙ ජම්මු තාවි රේල්වේ නැවතුම් පොලේ..උදේ 0600 වෙද්දි අපිට එතන ඉන්න පුලුවන් වේවි. මෙතන දිල්ලි සිට ජම්මු දක්වා අපි දුම්රියේ යන දුර කිලෝමීටර 640ක් පමණ වෙනවා. ඒසදහා ගතවන කාලය පැය 13කට අධිකයි.      අපි දැන් මෙතන ඉදලා යන්න පටන් ගන්න ඕනි ශ්‍රී නගර් වලට..මෙතන පොඩි අවුලක් තියෙන්නෙ මේ දවස සිකුරාදා.ඒ නිසා ඇතැම් විට කෝච්චි වල ලොකු තදයක් තියේවි. ඒම වුනොත් අපිට හයර් එකට කැබ් එකක් ගන්න වේවි.  නැත්නම් උදම්පූර් වලට ගිහින් එතන ඉදලා බනිහාල් වලට බස් එකේ ගිහින් නැවත බනිහාල් ඉදලා ශ්‍රී නගර් කෝච්චියෙ යන්න වෙනවා.  ජම්මු උදම්පූර් - 70 km Udhampur - Banihal : 125 km Banihal -Srinagar - 110 km අ

battle of the pacific (2011)

Image
දෙවන ලෝක යුද්ධයේදී ජපානය යුද්ධ කලේ ඇමරිකාවට ඇතුලු මිත්‍ර පාක්ෂිකයින්ට විරුද්ධව. ජපානය පැසිෆික් සාගරයේ බොහොම ප්‍රබලව සටන් කලා. ඒ අය ඉන්දුනීසියාව පැත්තට එනකල් ඔවුන්ගේ ආධිපත්‍යය පැතිරෙව්වා.  ඇමරිකාවට ජර්මනිය යටත් කරගන්නවාට වඩා ජපානය යටත් කරගන්න එක අමාරු වුනා. මම අහල තියෙන විදියට ජපානය සම්පූර්ණයෙන්ම යටත් වෙන්න තීරණය කරන්නෙ හිරෝෂිමා නාගසාකි බෝම්බ දෙක පිපිරුනාට පස්සෙ. දීර්ඝ වශයෙන් ගිහිපු යුද්ධයක් නිසා ඇමරිකාවත් ඒ වෙනකොට වෙහෙසට පත්වෙලා ඉන්න ඇති. ඔය පැසිෆික් සාගරයේ ඇතිවෙච්චි යුද්ධයට පර්ල් හාබර් කියන සිද්ධිය ප්‍රබලවම බලපාලා තිබෙනවා. මේ පැසිෆික් පැත්තෙ යුද්ධය මෙහෙයවන්න අයිසන්හවර් කියන තරු හතරෙ ජනරාල් දායක වෙලා තියෙනවා. අයිසන්හවර් පසුකාලීනව ඇමරිකානු දේශපාලනයට ඇවිත් ජොන් එෆ් කෙනඩිට කලින් ඇමරිකාවෙ ජනාධිපති බවටත් පත්වෙනවා.  මේ හේතුව නිසාමද මන්දා දෙවන ලෝක යුද්ධයේ පැසිෆික් සාගරික යුද්ධය ඇමරිකානු පාර්ශවයෙන් රූපගත කෙරුනු ප්‍රමාණය වැඩියි.ඒ වගේමඒ බොහෝ කතා ඇමරිකානු පාර්ශවයට වාසි දායකයි.  මේ බැටල් ඔෆ් පැසිෆික් හදලා තියෙන්නෙ ලාස්ට් සමුරායි කියන ෆිල්ම් එක හදාපු හිඩෙයුකි හිරයම කියන (Hideyuki Hirayam

දූපත් මානසිකත්වය පෙන්වන Welcome to the Jungle

Image
මිනිස්සු පිරිසක් කාත් කවුරුවත් නැති දූපතක හුදකලා වුනාම ඒ මිනිස්සු මොන විදියට ජීවත් වෙයිද? හිතන්න ටිකක් සරුසාර දිවයිනක් කියලා.ඒ වගේ එකකදි කෝම මිනිස්සු සංවිධානය වෙයිද? මොන විදියට තමුන්ගේ නායකයා පත්කරගනීවිද? මේ සමාජයේදී කාරු වුනත් අප අවට සමාජය සමග හැඩගැහෙන්න අවශ්‍යයි. අපි සමාජයට සාපේක්ෂව තනිකර වෙනස් විදියට ජිවත්වෙන්නත් බැහැ. අපි සමාජයට ඕනි විදියටම ජීවත්වෙන්නත් බැහැ. ඒ අතරමැද තැනක තමයි හැමෝම ඉන්නෙ. අපේ රට ඉස්සර දූපතක් විදියටම පැවතුනා. අතරින් පතර ඉන්දියාවෙන් සහ නාවික මාර්ගවලින් පැමිණි පිරිස් ඇරුනාම රට බාහිර ලෝකයට විවෘත වුනේ අඩුවෙන්. මේ විදියට කාලාන්තරයක් අපි දූපතක් ඇතුලෙ හුදකලා වීම නිසා අලුතින් මානසිකත්වයක් නිර්මාණය වුනාය. ඒ මානසිකත්වය දූපත් මානසිකත්වය විදියට හඳුන්වන්න පුලුවන්ය කියලා ඇතැම් අය කියනවා. අපේ රට වගෙ බොහෝම සශ්‍රීක රටක මිනිස්සුන්ට තිබෙන බාහිර ගැටළු අඩුයි. ඔවුන් ඉතාම සාමකාමීව උපන්නාට මෙලොවේ වැනෙනවා වැනිව ජීවත් වන්නට ඇති. නමුත් යුරෝපා රටවල් බොහොමයක් අපි තරම් සශ්‍රීක නැහැ. සමහර රටවල් වලට තවත් රටවල් නැතුව රඳාපවතින්න හැකියාවක් ඇත්තෙම නැහැ. ඒ නිසා ඒ රටවල ඇත්තො නැව් නැගල ඇවිත ්අපේ

පුරෝහිතවාදය

Image
අලුත් අදහස් පහළ කරන්නාට නැත හොත් සම්මත ධර්මයක් ප්‍රතිසංස්කරණය කිරීමට තැත් කරන්නාට පරෝපවාදයෙන් මිදීමට නොහැකිය. නොයෙක් විට කැට මුගුරු පහර ලැබීමද සමහර විට ජීවිත හාණිය පවාද සිදු වේ. මෙය ලෝක ස්වභාවයකි. මෙහොමඩ් තුමාට රට හැර යන්නට සිදු වූයේය. ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ ඇණ ගැසුම් කෑසේක. සර්වඥයන් වහන්සේට පවා කරන ලද නිග්‍රහයෝ සුළු පටු නො වූහ. තමන්ට ලැබෙන ලාභ සත්කාර ගරු බුහුමන් අඩු වූයෙන් කුපිත වූ නිඝන්ඨයින්,බුදු පියානන් ඉදිරියට එවූයේ චිංචිමානිවිකාවක; සාහිත්‍ය නිඝන්ඨයන් මවෙත එවූයේ ඊරියක. රබර් රෙපයාර් නොකල“ මෝටර් බසය “ යන වචන සිංහලයා නම් ලියුම් කරුට අරළු කෂයට වඩා තිත්තය. එහෙනම් මැනැවැයි සිතන්නේ “මහා ස්ථිති ස්ථාපකය“ අප්‍රතිසංස්කෘත විදුලි රථය යන මේ වචනද? බයිසිකලයට ‘චක්‍රයාන“ සෙරෙප්පුවට ‘මිරිවැඩිසඟල‘ කෝප්පයට ‘කුසලාන‘ යයි නම ්කියන බමුණන් ඉන්න තෙක් සිංහල භාෂාවෙන් කිසි කලෙක බඩුවක් අඳුන්වා දෙන්නට නොහැකි වීම පුදුමයක්ද? කුමාරණතුංග මහතාගේ එක් මතයක් අපිද අනුමත කරමු. ‘ පොත් ගන්නෝ තමනට අභිමත රසයෙන් ආඩ්‍ය වූ ....පොත් තෝරා ගනිත් , එකල යම් ගත් කරු කෙනෙක් රසිකයන්ගේ සිත් අදිද්ද ඔහු ප්‍රචාරයට පැමිණෙති. යම් ග්‍ර

නිල් මල

Image
 නෙලාගන පැන් ඉසි මල් ඇත එහෙ මෙහෙ විසිරි නමුත් ඈතින් වූ මලක් පේනවා එහි අමුතු හැඩක් ගොඩාරියක් දුරයි කඩන්න බැහැ ඈතයි ඒත් සිත නෙලාගත් මලට වඩා ඈත මලට ආසයි.