Posts

Showing posts from 2014

battle of the pacific (2011)

Image
දෙවන ලෝක යුද්ධයේදී ජපානය යුද්ධ කලේ ඇමරිකාවට ඇතුලු මිත්‍ර පාක්ෂිකයින්ට විරුද්ධව. ජපානය පැසිෆික් සාගරයේ බොහොම ප්‍රබලව සටන් කලා. ඒ අය ඉන්දුනීසියාව පැත්තට එනකල් ඔවුන්ගේ ආධිපත්‍යය පැතිරෙව්වා.  ඇමරිකාවට ජර්මනිය යටත් කරගන්නවාට වඩා ජපානය යටත් කරගන්න එක අමාරු වුනා. මම අහල තියෙන විදියට ජපානය සම්පූර්ණයෙන්ම යටත් වෙන්න තීරණය කරන්නෙ හිරෝෂිමා නාගසාකි බෝම්බ දෙක පිපිරුනාට පස්සෙ. දීර්ඝ වශයෙන් ගිහිපු යුද්ධයක් නිසා ඇමරිකාවත් ඒ වෙනකොට වෙහෙසට පත්වෙලා ඉන්න ඇති. ඔය පැසිෆික් සාගරයේ ඇතිවෙච්චි යුද්ධයට පර්ල් හාබර් කියන සිද්ධිය ප්‍රබලවම බලපාලා තිබෙනවා. මේ පැසිෆික් පැත්තෙ යුද්ධය මෙහෙයවන්න අයිසන්හවර් කියන තරු හතරෙ ජනරාල් දායක වෙලා තියෙනවා. අයිසන්හවර් පසුකාලීනව ඇමරිකානු දේශපාලනයට ඇවිත් ජොන් එෆ් කෙනඩිට කලින් ඇමරිකාවෙ ජනාධිපති බවටත් පත්වෙනවා.  මේ හේතුව නිසාමද මන්දා දෙවන ලෝක යුද්ධයේ පැසිෆික් සාගරික යුද්ධය ඇමරිකානු පාර්ශවයෙන් රූපගත කෙරුනු ප්‍රමාණය වැඩියි.ඒ වගේමඒ බොහෝ කතා ඇමරිකානු පාර්ශවයට වාසි දායකයි.  මේ බැටල් ඔෆ් පැසිෆික් හදලා තියෙන්නෙ ලාස්ට් සමුරායි කියන ෆිල්ම් එක හදාපු හිඩෙයුකි හිරයම කියන (Hideyuki Hirayam

දූපත් මානසිකත්වය පෙන්වන Welcome to the Jungle

Image
මිනිස්සු පිරිසක් කාත් කවුරුවත් නැති දූපතක හුදකලා වුනාම ඒ මිනිස්සු මොන විදියට ජීවත් වෙයිද? හිතන්න ටිකක් සරුසාර දිවයිනක් කියලා.ඒ වගේ එකකදි කෝම මිනිස්සු සංවිධානය වෙයිද? මොන විදියට තමුන්ගේ නායකයා පත්කරගනීවිද? මේ සමාජයේදී කාරු වුනත් අප අවට සමාජය සමග හැඩගැහෙන්න අවශ්‍යයි. අපි සමාජයට සාපේක්ෂව තනිකර වෙනස් විදියට ජිවත්වෙන්නත් බැහැ. අපි සමාජයට ඕනි විදියටම ජීවත්වෙන්නත් බැහැ. ඒ අතරමැද තැනක තමයි හැමෝම ඉන්නෙ. අපේ රට ඉස්සර දූපතක් විදියටම පැවතුනා. අතරින් පතර ඉන්දියාවෙන් සහ නාවික මාර්ගවලින් පැමිණි පිරිස් ඇරුනාම රට බාහිර ලෝකයට විවෘත වුනේ අඩුවෙන්. මේ විදියට කාලාන්තරයක් අපි දූපතක් ඇතුලෙ හුදකලා වීම නිසා අලුතින් මානසිකත්වයක් නිර්මාණය වුනාය. ඒ මානසිකත්වය දූපත් මානසිකත්වය විදියට හඳුන්වන්න පුලුවන්ය කියලා ඇතැම් අය කියනවා. අපේ රට වගෙ බොහෝම සශ්‍රීක රටක මිනිස්සුන්ට තිබෙන බාහිර ගැටළු අඩුයි. ඔවුන් ඉතාම සාමකාමීව උපන්නාට මෙලොවේ වැනෙනවා වැනිව ජීවත් වන්නට ඇති. නමුත් යුරෝපා රටවල් බොහොමයක් අපි තරම් සශ්‍රීක නැහැ. සමහර රටවල් වලට තවත් රටවල් නැතුව රඳාපවතින්න හැකියාවක් ඇත්තෙම නැහැ. ඒ නිසා ඒ රටවල ඇත්තො නැව් නැගල ඇවිත ්අපේ

පුරෝහිතවාදය

Image
අලුත් අදහස් පහළ කරන්නාට නැත හොත් සම්මත ධර්මයක් ප්‍රතිසංස්කරණය කිරීමට තැත් කරන්නාට පරෝපවාදයෙන් මිදීමට නොහැකිය. නොයෙක් විට කැට මුගුරු පහර ලැබීමද සමහර විට ජීවිත හාණිය පවාද සිදු වේ. මෙය ලෝක ස්වභාවයකි. මෙහොමඩ් තුමාට රට හැර යන්නට සිදු වූයේය. ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ ඇණ ගැසුම් කෑසේක. සර්වඥයන් වහන්සේට පවා කරන ලද නිග්‍රහයෝ සුළු පටු නො වූහ. තමන්ට ලැබෙන ලාභ සත්කාර ගරු බුහුමන් අඩු වූයෙන් කුපිත වූ නිඝන්ඨයින්,බුදු පියානන් ඉදිරියට එවූයේ චිංචිමානිවිකාවක; සාහිත්‍ය නිඝන්ඨයන් මවෙත එවූයේ ඊරියක. රබර් රෙපයාර් නොකල“ මෝටර් බසය “ යන වචන සිංහලයා නම් ලියුම් කරුට අරළු කෂයට වඩා තිත්තය. එහෙනම් මැනැවැයි සිතන්නේ “මහා ස්ථිති ස්ථාපකය“ අප්‍රතිසංස්කෘත විදුලි රථය යන මේ වචනද? බයිසිකලයට ‘චක්‍රයාන“ සෙරෙප්පුවට ‘මිරිවැඩිසඟල‘ කෝප්පයට ‘කුසලාන‘ යයි නම ්කියන බමුණන් ඉන්න තෙක් සිංහල භාෂාවෙන් කිසි කලෙක බඩුවක් අඳුන්වා දෙන්නට නොහැකි වීම පුදුමයක්ද? කුමාරණතුංග මහතාගේ එක් මතයක් අපිද අනුමත කරමු. ‘ පොත් ගන්නෝ තමනට අභිමත රසයෙන් ආඩ්‍ය වූ ....පොත් තෝරා ගනිත් , එකල යම් ගත් කරු කෙනෙක් රසිකයන්ගේ සිත් අදිද්ද ඔහු ප්‍රචාරයට පැමිණෙති. යම් ග්‍ර

නිල් මල

Image
 නෙලාගන පැන් ඉසි මල් ඇත එහෙ මෙහෙ විසිරි නමුත් ඈතින් වූ මලක් පේනවා එහි අමුතු හැඩක් ගොඩාරියක් දුරයි කඩන්න බැහැ ඈතයි ඒත් සිත නෙලාගත් මලට වඩා ඈත මලට ආසයි.

Frozen (2013) ෆ්රෝසන්

Image
“ආදරය සුන්දර වරදකි“ යැයි උතුරුමැද පලාත් ආන්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ කියන විට ජයසිරි අමරසේකර “ආදරය වගෙ නොවේ අගහිඟ දැනෙයි කූඩුවේ“ යැයි කියා ඇත. ආදරය යනු කුමක් දැයි හරියටම කියන්න බැරිය. ජලය නිශ්චිත හැඩයක් නොගන්නා බවද එය දමන බඳුනේ හැඩය ගන්නා බවද අප කුඩා කල විද්‍යාව පාඩමට ඉගෙන ගෙන ඇත. ආදරයද එවැනි කරන මොල පොලොතු මත රඳා පවතින හැඟීම් ජාතියකැයි විටෙක සිතේ. ආදරවන්තයින් දෙදෙනෙකු වටා ගෙතෙන මේ ෆ්රෝසන් නම් සුරංගනා කතාව වෝල්ටර් ඩිස්නි කොම්පැනියේ නිපදවූවකි. කාටුන් චිත්‍රපටයක් වුවද එය මනුෂ්‍ය හැඟීම් අවුස්සන ආකාරයට සිනමාවට ඉදිරිපත් කිරීමට ඒ චිත්‍රපටය හැදූ අය උත්සාහ කර ඇත. සරල, විනාඩි ගානකින් කියා නිමකල හැකි කෙටි කතාන්දරයක් වුවද එය මනාව ඔපමට්ටම් කල සිනමා පටියක් තුලදී වඩාත් දිග ආකර්ශණීය තාලයට ඉදිරිපත් කල හැකිය. ෆ්රෝසන් යනු එවැනි කාටුන් චිත්‍රපටියකි. එහි සමස්ථ කතාවේම ඇතුලත් වෙන ප්‍රධාන සිදුවීම් කිහිපයක් වුවද ඒවා මනරම්ව ඉදිරිපත් කිරීමට කාටුන් චිත්‍රපටි කාරයා සමත්ව ඇත. කාටුන් චිත්‍රපට යනු හුදෙක් පොඩි ළමුන්ට බලන්නට ඇති චිත්‍රපටි ජාතියකැයි අප සමාජයේ මුල් බැසගත් මතයක් ඇත. නමුත් කාටුන් යනුවෙන් හැඳින්වෙන කා