Friday, February 28, 2014

Frozen (2013) ෆ්රෝසන්



“ආදරය සුන්දර වරදකි“ යැයි උතුරුමැද පලාත් ආන්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ කියන විට ජයසිරි අමරසේකර “ආදරය වගෙ නොවේ අගහිඟ දැනෙයි කූඩුවේ“ යැයි කියා ඇත. ආදරය යනු කුමක් දැයි හරියටම කියන්න බැරිය. ජලය නිශ්චිත හැඩයක් නොගන්නා බවද එය දමන බඳුනේ හැඩය ගන්නා බවද අප කුඩා කල විද්‍යාව පාඩමට ඉගෙන ගෙන ඇත. ආදරයද එවැනි කරන මොල පොලොතු මත රඳා පවතින හැඟීම් ජාතියකැයි විටෙක සිතේ.

ආදරවන්තයින් දෙදෙනෙකු වටා ගෙතෙන මේ ෆ්රෝසන් නම් සුරංගනා කතාව වෝල්ටර් ඩිස්නි කොම්පැනියේ නිපදවූවකි. කාටුන් චිත්‍රපටයක් වුවද එය මනුෂ්‍ය හැඟීම් අවුස්සන ආකාරයට සිනමාවට ඉදිරිපත් කිරීමට ඒ චිත්‍රපටය හැදූ අය උත්සාහ කර ඇත.

සරල, විනාඩි ගානකින් කියා නිමකල හැකි කෙටි කතාන්දරයක් වුවද එය මනාව ඔපමට්ටම් කල සිනමා පටියක් තුලදී වඩාත් දිග ආකර්ශණීය තාලයට ඉදිරිපත් කල හැකිය. ෆ්රෝසන් යනු එවැනි කාටුන් චිත්‍රපටියකි. එහි සමස්ථ කතාවේම ඇතුලත් වෙන ප්‍රධාන සිදුවීම් කිහිපයක් වුවද ඒවා මනරම්ව ඉදිරිපත් කිරීමට කාටුන් චිත්‍රපටි කාරයා සමත්ව ඇත.

කාටුන් චිත්‍රපට යනු හුදෙක් පොඩි ළමුන්ට බලන්නට ඇති චිත්‍රපටි ජාතියකැයි අප සමාජයේ මුල් බැසගත් මතයක් ඇත. නමුත් කාටුන් යනුවෙන් හැඳින්වෙන කාටුන් චිත්‍ර හා සල රූ යොදා නිපදන වැඩිහිටි වල් වීඩියෝද ඇති බවක් මා එහෙන් මෙහෙන් අසා ඇත.

කතාකරන සතුන් යක්ෂයින්, දෙවියන්, සුරදූතිකාවන්, අරුම පුදුම භූමි දර්ශන ආදිය කාටුන් චිත්‍රපටිවල දක්නට ඇත. සිනමාව යනු කොහොමටත් ලස්සනට අමුණන ලද බොරු වැලකි. එබැවින් බොරු කෙතෙක් තිබේදැයි කියා ගනන් කරමින් ෆිල්ම් බැලීමත් එක්තරා විකාර වැඩක් බව මට සිතේ.

ෆ්රෝසන් කතාව තුල මට ඇති වූ එක ගැටළුවක් නම් කතානායක පෙම්වතියට ලැබෙන පෙම්වතුන් දෙදෙනාම එකම රූ සොබාවෙන් යුක්ත වීමයි. ඔවුන් දෙදෙනා රූපකාය දෙකකින් හඳුනාගත හැකි ලෙස පෙන්නුවානම් හොඳයැයි මට සිතුනි. ආදර කතා, කාටුන්, සුඛාන්ත අවසානයන් ආදියට ආසා කරන අයට කදිම චිත්‍රපටියක්ලෙස ෆ්රෝසන් දැක්විය හැකිය. 

http://www.imdb.com/title/tt2294629/

The Almsgiving Tour

23 I had to write about this almsgiving tour before. I missed it. The almsgiving tour in Luang Prabang is a huge hit. It has become fully co...