Tuesday, September 1, 2015

ආසියාවේ වැනීසිය ශ්‍රී නගර්

ශ්‍රී නගර් හි ගමනක් යන පවුලක්

සොනෝමාර්ග් යන අතරමග ලක්ෂණ කදුපන්තියක්

ශ්‍රී නගර් හි එදිනෙදා ගමනක් යනමවක් සහ කුඩා පුතු

අලංකාර ඇපල් ගෙඩි දෙකක්

උකුස්සෙක්

පන්ජාබ් ක්‍රමයට පිසින ලද සුප් එකක්

ගුල්මාර්ග් හි කේබල් කාර්

අයිස්ආසන්නයේ වැඩුනු පැලෑටියක්

හිම සෙල්ලම් කරන යුවතියක්.

අඩු හිම මතත් ක්‍රීඩා කරන සංචාරකයින්

ශ්‍රී නගර්හි බෝට්ටු කරෙුවක්

ශ්‍රී නගර් යන අතරමග වූ පයිනස් ගසක් 

 හිම බලන්න කොහේටද යන්නෝනි. ? කියල ඇහුවම බොහෝ දෙනා හිතන්නෙ හිම බලන්න නම් යුරෝප රටකට හරි සුවිට්සර්ලන්තෙ හරි යන්න ඕනි කියලා. ලගම තියෙන ඉන්දියාවෙ හිම තියනවා කියල අපිට මීටර වෙන්න ටිකක් වෙලා යනවා. හිම විතරක්ම නෙමෙයි ශිත සෞම්‍ය කාලගුණයට අදාල බොහෝ සුන්දර ස්ථාන බොහොමයක් ඉන්දියාවේ ඉහල දේශසීමා කෙළවරේ තිබෙනවා. එයින් වඩාත් ජනප්‍රිය ආකර්ශනීය ස්ථානයක් තමයි ශ්‍රී නගර් කියන්නෙ. කදු වලල්ලකින් වට වුනු ශ්‍රී නගර් නගරය සහ ඒ අවට ඇති ආකර්ශනීය ස්ථාන බලාගන්න එක ජීවිත කාලයේ ලබාගත හැකි සුන්දර අත් දැකීමක් වේවි. 

ශ්‍රී නගර් සහ ඒ අවට බලන්න ගිය ලාංකිකයින් බොහොම අඩුයි. අපි කන්ඩායමක් පහුගිය කාලෙක ලංකාවෙ අය වැඩිපුර නොයන මේ සුන්දර දේශයට ගියා. ඉතිං බොහෝ දෙනාගේ ඉල්ලීම පිට තවත් අයට අවස්ථාවක් ලබාදෙන්න තීරණය කලා. මේ පහල තියෙන්නෙ  අපි විසින් යෝජනා කරන ගමන් ප්ලෑන් එක. 

මේක අයිබෙක්ස් ඇඩ්වෙන්චර් ටුවර්ස් එකේ වැඩක්. අපි මෙතන ප්ලෑන් එක දැම්මට ඔබ සතුව කන්ඩායමක් ඉන්නවා නම් මේ ප්ලෑන් එක අවශ්‍ය විදියට අපිත් එක්ක කතාබහ කරලා වෙනස් කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම ඔබට අවශ්‍ය කරන සුවපහසු මට්ටම අනුව හෝටල් කාමර ගමන් පහසුව සලසාදෙන්නත් අයිබෙක්ස් ඇඩ්වෙන්චර් ටුවර්ස් සූදානමින් ඉන්නවා.

1 වන දිනය
කොළඹ සිට දිල්ලිය කරා ලගාවීම. එදින සවස ජම්මු බලා දුම්රියේ ගමන් කිරීමට නියමිතව ඇත. ඒ දුම්රිය වායසුමනය කරන ලද සුවපහසුන නිදන පහසුකම් ඇති එකකි.

2 වන දිනය.
ජම්මු සිට ශ්‍රී නගර් බලා පිටත් වීම.. ශ්‍රී නගර් හි රාත්‍රී නවාතැන් ගැනීම.

3 වන දිනය
ගුල්මාග් ොගාන්ඩෝලා ලොව උසින් වැඩිම ස්ථානයක පිහිටි ගුල්මාර්ග් ගොන්ඩෝලා යනු කේබල් කාර් පද්ධතියකි.ශීත කාලයේදී ගුල්මාග් ප්‍රදේශයම හිමෙන් මිදෙන අතර අනෙක් කාල වලදී ගුල්මාර්ග්හි කේබල් කාර් ගොස් අවසාන වන ස්ථානයේ හිම සහිත වේ. 

4වන දිනය
පහල්ගම් පහල්ගම් යනු චිර ප්‍රසිද්ධ හින්දි චිත්‍රපට කිහිපයකම රූපකගත කිරීමට පසුතල ලෙස යොදාගත් රමණීය ස්ථානයකි. කදු වලින් වට වූ අලංකාර භූමි භාගයක් වූ මෙහි දී ඉන්දියානු සිනමාවේදී ඔබට දකින්නට ලැබෙන සුන්දර කදුකර පරිසරයන් ඔබේ නෙත් මානයට ම පැමිනෙනු ඇත.

5වන දිනය
සෝනොමාර්ග් - ශ්‍රී නගර් සිට ලේහ් නැමැති චීන දේශසීමාවට යන ප්‍රධාන මාර්ගයේ වැටී ඇති සුන්දර ස්ථානයකි සෝනමාර්ග්. සෝනොමාර්ග් ද දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනයට ලක් වූ ස්ථානයකි. ශීත කලට මෙහි හිම මත ලිස්සා යෑම ආදී හිම ක්‍රීඩාවන්ද සාර්ථකව පැවැත්වේ.

ගුල්මාග් සොනමාරග් පහල්ගම් යුන ඉන්දීය ජනතාවගේ ශීත කාලය ගත කිරීමට යොදාගන්නා  අලංකාර නිම්න ප්‍රදේශ වේ. ගුල්මාග් සහ සෝනමාර්ග් හි කදුකර මුදුන් හි සුදුවන් හිම සේද රොදක් සේ බැදී ඇති අතර ගුල්මාග් හිදී  කදුමත ඇති හිම මතට නැගීමට හා සෙල්ලම් කිරීමට කේබල් කාර් වලින් කෙලින්ම ලගා විය හැක.

6වන දිනය ශ්‍රී නගර් අවට සිරි නැරඹීම..මෝගල් ගාඩන් සහ ඩල් ලේක් හි චාරිකා කිරීම.ශ්‍රී නගර් යන නගරය පිහිටා ඇත්තේ නිල් වන් හිමාල කදු වලල්ලකට මැදි වූ රමනීය තෙත් බිමක් මතය. ශ්‍රී නගර් නගරයේ විශාලෙ කොටසක් වතුර මත ඉදි වී ඇති අතර ඇතැමෙක් එය ඉන්දියාවේ වැනීසිය යැයිද හදුන්වනු ලැබේ.

7වන දිනය - ගුවන් මගින් ශ්‍රීනගර් සිට දිල්ලියට ලගා වීම. දිල්ලියේ කඩසාප්පු සවාරිය.

8 වන දිනය - දිල්ලියේ වැදගත් ස්ථාන හෝ ටාජ් මහල් අග්‍රා බලකොටුව බැලීම.

9 වන දිනය - දිල්ලියේ සාප්පු සවාරිය සහ එදින රාත්‍රී කොළඹ බලා පිටත්වීම.

ගමන් ගාස්තුවට ඇතුලත් දේ

  • ගුවන් ගමන් ගාස්තු
  • නවාතැන් හෝටල් කාමර ගාස්තු
  • ප්‍රවාහන ගාස්තු

ගාස්තුවට ඇතුලත් නොවන දෑ..
  • බෝට්ටු සවාරි පෝනි සවාරි ගාස්තු
  • කේබල් කාර් පුරාවිද්‍යා ස්ථාන නැරඹීමේ ගාස්තු
  • පුද්ගලික අවශ්‍යතාවයන් සදහ මිලදී ගන්නා දේ

ආහාර
ජම්මු කාශ්මීරය  යනු ආහාර පාන විශාල සංඛ්‍යාවක් ඇති පලාතකි . සෞඛ්‍යආරක්ෂිත අවන්හල් වෙතට  අප විසින් සෑම විටම ඔබව යොමු කරනු ලැබේ.


දුරකථන අංකය : +94713269438
E mail : indika27@gmail.com

Monday, August 3, 2015

ගමන් ප්ලෑන gaman plan1

යාලුවනේ අපි යන ටිප් එක පටන් ගන්නෙ දිල්ලි වලින්..අපි දිල්ලි වල බහින්නෙ 
06 වැනිදා උදේ 10.30ට විතර. අපිට 6 වෙනිදා 11.30 වෙද්දි පරණ දිල්ලි රේල් ඉස්ටේශමට ඇවිත් ඉන්න හැකි වේවි.. 

අපි බුක් කරගත්ත ෂලිමාර් එක්ස්ප්‍රස් ට්‍රේන් එක තියෙන්නෙ 15.50ට ..ඒක එනතෙක් අපිට පැය 5ක් විතර දිල්ලි ඉන්න පුලුවනි. ඇදුම් මාරුකරගැනීම ඕනිනම් අපිට දිල්ලි වලදි කරගන්න පුලුවනි. නැතත් ඒක ජම්මු ඉස්ටේශන් එකේදි වුනත් කරගත හැකි වේවි. 

07 අපි ඉන්නෙ ජම්මු තාවි රේල්වේ නැවතුම් පොලේ..උදේ 0600 වෙද්දි අපිට එතන ඉන්න පුලුවන් වේවි. මෙතන දිල්ලි සිට ජම්මු දක්වා අපි දුම්රියේ යන දුර කිලෝමීටර 640ක් පමණ වෙනවා. ඒසදහා ගතවන කාලය පැය 13කට අධිකයි. 
  
අපි දැන් මෙතන ඉදලා යන්න පටන් ගන්න ඕනි ශ්‍රී නගර් වලට..මෙතන පොඩි අවුලක් තියෙන්නෙ මේ දවස සිකුරාදා.ඒ නිසා ඇතැම් විට කෝච්චි වල ලොකු තදයක් තියේවි. ඒම වුනොත් අපිට හයර් එකට කැබ් එකක් ගන්න වේවි. 

නැත්නම් උදම්පූර් වලට ගිහින් එතන ඉදලා බනිහාල් වලට බස් එකේ ගිහින් නැවත බනිහාල් ඉදලා ශ්‍රී නගර් කෝච්චියෙ යන්න වෙනවා. 

ජම්මු උදම්පූර් - 70 km
Udhampur - Banihal : 125 km
Banihal -Srinagar - 110 km

අපි කෝච්චි වල ගියොත් යන පාරයි..කෙලින්ම ජම්මු වලින් ටැක්සියක් අරං ගියොත් ගුල්මාර්ග් යන පාරයි පාරවල් දෙකක්. 

මොන ක්‍රමේකින් හරි ගිහිල්ලා අපි එදා හවස ශ්‍රී නගර් හෝ ගුල්මාර්ග් වල ඉන්න ඕනි. 

08 කේබල් කාර් වල යන්න යොදාගෙන තියෙන්නෙ අදයි. සුදුසු කේබල් කාර් එකක් තෝරගෙන ඒකෙ යෑම තමයි තියෙන්නෙ. අපි කලිං දවසෙ ශ්‍රී නගර් හිටියොත් අපිට පාන්දරම ගිහින් කේබල් කාර් ටිකට් ශ්‍රී නගර් වලිං අරං එත හැකි. නමුත් කෙලින්ම ගුල්මාර්ග් ම ගියොත් අපි ටිකක් උදෙන් නැගිටලා මූන කට හෝදල යමු කට්ටිය එන්න කලිං ..එතකොට පාන්දරින්ම ගිහින් අවට සිරි බලත හැකි.. 08 දිනයේ වෙලාව ඉතිරි වුවහොත් අපි ශ්‍රී නගර් අවටද සිරි නැරඹීමට හැකි වනු ඇත. 

09 ගුල්මාර්ග් හෝ ශ්‍රී නගර් සිට කාර්ගිල් දක්වා පිටත් විය යුතුය. ඒ අතර ඇති ලක්ශන තැනක් වන සෝනොමාර්ග් බලා ගෙන යෑම පිණිස අපි රථයක් වෙන්කරගෙන යෑම හොදය. 

10 පෙනෙන අන්දමට කාර්ගිල් සිට ලේ දක්වා බස් ධාවනය වේ. එබැවින් අපිට මේ අතර මග බලාකියා ගන්නට එහෙමට ලබ්බ්ක නැති සෙයින් බසයක නැගී ලේහ් දක්වා යා හැකිය. එදින සවස් බාගයේ අපි සිටින්නේ ලේ වලයැ.

11 ලේ්හ වල බලන්නට ඇති තැනක් වෙතොත් එය නැරඹිය යුතුය. අපිට අවසර පත් නොමැති බැවින් බොහෝවිට නැරඹිය හැකි වන්නේ සීමිත ස්ථාන කීපයක් පමණක් විය හැකිය. මේ ලේහ් යනු බෞද්ධ නගරයකි. සියයට බර ගානක් මහායාන ටිබෙට් බෞද්ධයෝය. 

12 මේ හදන්නේ බහින්නටයි. මෙහිදී මෙතෙක් කලක් අපි නැග්ග උස බැසිය යුතුයැ. කීලොන්ග් දක්වා බැසීමට අදහස් කරන අතර ඒ අතර ඇති මොකද්දෝ පාස් එකක් බැලීමට අදහස් කරගෙන සිටිමු. නමුත් පාස් එකක බලන්නට කියා එහෙටම දෙයකද් නැත කොඩි වැල් කීපයක් ඇති කනු තඩියක් හිටවා ඇති අතර එය යටින් අහවල් පාස් එකයැයි බොඩ් එකක් ගසා තිබේ. 

13 දැන් අපි මනාලි වලට ලගා වීමට සිතමු. 13 සවස් භාගයේ මනාලි වලට අපිට ලගා විය හැකි අතර ඒ අතරමග සුප්‍රකට පාස් එක හමුවේ.එදින සන්ධ්‍යා භාගයේ අපි මනාලි වලය 

14 මනාලි අවට සිරි නැරඹීම.

15 විවේකය.

16 සන්ද්‍යාවේ අපි දිල්ලි වලට යෑමට පිටත් විය යුතුය. මාර්ග දෙකකි. එකක් චාන්දිග්‍රාහ් වලට ගොස් දුම්රියෙන් දිල්ලි කරා යා හැක. 
Manali - Chandigrah - 291km
Chandigrah -Delhi - 260 km

17 අද දින දිල්ලි වල ඇති ස්ථාන නැරඹීමට ඇති දවසයි. දිල්ලි වල ගාන්ධි මල තැන..දිල්ලි කෞතුකාගාරය.(බුදුසමයේ නටඹුන්ද අපිට බැලිය හැක) දිල්ලි පාර්ලිමේන්තුව, කාශ්මිර් ගේට්ටුව ආදී දිල්ලි වල වැදගත් ස්තාන බැලිය හැක. 


 18 අද දින මුලු දවසම ෂොපින් සදහා යොදාගෙන ඇති අතර අපි වෙන්කරගෙන ඇති ගුවන් යානය පිටත් වන්නේ සවස 0725ට වන බැවින් අපිට සවස 05 විතර වෙනතෙක් රිස් සේ සොපින් කරගත හැක ිෙවනු ඇත. 

The Almsgiving Tour

23 I had to write about this almsgiving tour before. I missed it. The almsgiving tour in Luang Prabang is a huge hit. It has become fully co...