Tuesday, September 1, 2015

ආසියාවේ වැනීසිය ශ්‍රී නගර්

ශ්‍රී නගර් හි ගමනක් යන පවුලක්

සොනෝමාර්ග් යන අතරමග ලක්ෂණ කදුපන්තියක්

ශ්‍රී නගර් හි එදිනෙදා ගමනක් යනමවක් සහ කුඩා පුතු

අලංකාර ඇපල් ගෙඩි දෙකක්

උකුස්සෙක්

පන්ජාබ් ක්‍රමයට පිසින ලද සුප් එකක්

ගුල්මාර්ග් හි කේබල් කාර්

අයිස්ආසන්නයේ වැඩුනු පැලෑටියක්

හිම සෙල්ලම් කරන යුවතියක්.

අඩු හිම මතත් ක්‍රීඩා කරන සංචාරකයින්

ශ්‍රී නගර්හි බෝට්ටු කරෙුවක්

ශ්‍රී නගර් යන අතරමග වූ පයිනස් ගසක් 

 හිම බලන්න කොහේටද යන්නෝනි. ? කියල ඇහුවම බොහෝ දෙනා හිතන්නෙ හිම බලන්න නම් යුරෝප රටකට හරි සුවිට්සර්ලන්තෙ හරි යන්න ඕනි කියලා. ලගම තියෙන ඉන්දියාවෙ හිම තියනවා කියල අපිට මීටර වෙන්න ටිකක් වෙලා යනවා. හිම විතරක්ම නෙමෙයි ශිත සෞම්‍ය කාලගුණයට අදාල බොහෝ සුන්දර ස්ථාන බොහොමයක් ඉන්දියාවේ ඉහල දේශසීමා කෙළවරේ තිබෙනවා. එයින් වඩාත් ජනප්‍රිය ආකර්ශනීය ස්ථානයක් තමයි ශ්‍රී නගර් කියන්නෙ. කදු වලල්ලකින් වට වුනු ශ්‍රී නගර් නගරය සහ ඒ අවට ඇති ආකර්ශනීය ස්ථාන බලාගන්න එක ජීවිත කාලයේ ලබාගත හැකි සුන්දර අත් දැකීමක් වේවි. 

ශ්‍රී නගර් සහ ඒ අවට බලන්න ගිය ලාංකිකයින් බොහොම අඩුයි. අපි කන්ඩායමක් පහුගිය කාලෙක ලංකාවෙ අය වැඩිපුර නොයන මේ සුන්දර දේශයට ගියා. ඉතිං බොහෝ දෙනාගේ ඉල්ලීම පිට තවත් අයට අවස්ථාවක් ලබාදෙන්න තීරණය කලා. මේ පහල තියෙන්නෙ  අපි විසින් යෝජනා කරන ගමන් ප්ලෑන් එක. 

මේක අයිබෙක්ස් ඇඩ්වෙන්චර් ටුවර්ස් එකේ වැඩක්. අපි මෙතන ප්ලෑන් එක දැම්මට ඔබ සතුව කන්ඩායමක් ඉන්නවා නම් මේ ප්ලෑන් එක අවශ්‍ය විදියට අපිත් එක්ක කතාබහ කරලා වෙනස් කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම ඔබට අවශ්‍ය කරන සුවපහසු මට්ටම අනුව හෝටල් කාමර ගමන් පහසුව සලසාදෙන්නත් අයිබෙක්ස් ඇඩ්වෙන්චර් ටුවර්ස් සූදානමින් ඉන්නවා.

1 වන දිනය
කොළඹ සිට දිල්ලිය කරා ලගාවීම. එදින සවස ජම්මු බලා දුම්රියේ ගමන් කිරීමට නියමිතව ඇත. ඒ දුම්රිය වායසුමනය කරන ලද සුවපහසුන නිදන පහසුකම් ඇති එකකි.

2 වන දිනය.
ජම්මු සිට ශ්‍රී නගර් බලා පිටත් වීම.. ශ්‍රී නගර් හි රාත්‍රී නවාතැන් ගැනීම.

3 වන දිනය
ගුල්මාග් ොගාන්ඩෝලා ලොව උසින් වැඩිම ස්ථානයක පිහිටි ගුල්මාර්ග් ගොන්ඩෝලා යනු කේබල් කාර් පද්ධතියකි.ශීත කාලයේදී ගුල්මාග් ප්‍රදේශයම හිමෙන් මිදෙන අතර අනෙක් කාල වලදී ගුල්මාර්ග්හි කේබල් කාර් ගොස් අවසාන වන ස්ථානයේ හිම සහිත වේ. 

4වන දිනය
පහල්ගම් පහල්ගම් යනු චිර ප්‍රසිද්ධ හින්දි චිත්‍රපට කිහිපයකම රූපකගත කිරීමට පසුතල ලෙස යොදාගත් රමණීය ස්ථානයකි. කදු වලින් වට වූ අලංකාර භූමි භාගයක් වූ මෙහි දී ඉන්දියානු සිනමාවේදී ඔබට දකින්නට ලැබෙන සුන්දර කදුකර පරිසරයන් ඔබේ නෙත් මානයට ම පැමිනෙනු ඇත.

5වන දිනය
සෝනොමාර්ග් - ශ්‍රී නගර් සිට ලේහ් නැමැති චීන දේශසීමාවට යන ප්‍රධාන මාර්ගයේ වැටී ඇති සුන්දර ස්ථානයකි සෝනමාර්ග්. සෝනොමාර්ග් ද දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනයට ලක් වූ ස්ථානයකි. ශීත කලට මෙහි හිම මත ලිස්සා යෑම ආදී හිම ක්‍රීඩාවන්ද සාර්ථකව පැවැත්වේ.

ගුල්මාග් සොනමාරග් පහල්ගම් යුන ඉන්දීය ජනතාවගේ ශීත කාලය ගත කිරීමට යොදාගන්නා  අලංකාර නිම්න ප්‍රදේශ වේ. ගුල්මාග් සහ සෝනමාර්ග් හි කදුකර මුදුන් හි සුදුවන් හිම සේද රොදක් සේ බැදී ඇති අතර ගුල්මාග් හිදී  කදුමත ඇති හිම මතට නැගීමට හා සෙල්ලම් කිරීමට කේබල් කාර් වලින් කෙලින්ම ලගා විය හැක.

6වන දිනය ශ්‍රී නගර් අවට සිරි නැරඹීම..මෝගල් ගාඩන් සහ ඩල් ලේක් හි චාරිකා කිරීම.ශ්‍රී නගර් යන නගරය පිහිටා ඇත්තේ නිල් වන් හිමාල කදු වලල්ලකට මැදි වූ රමනීය තෙත් බිමක් මතය. ශ්‍රී නගර් නගරයේ විශාලෙ කොටසක් වතුර මත ඉදි වී ඇති අතර ඇතැමෙක් එය ඉන්දියාවේ වැනීසිය යැයිද හදුන්වනු ලැබේ.

7වන දිනය - ගුවන් මගින් ශ්‍රීනගර් සිට දිල්ලියට ලගා වීම. දිල්ලියේ කඩසාප්පු සවාරිය.

8 වන දිනය - දිල්ලියේ වැදගත් ස්ථාන හෝ ටාජ් මහල් අග්‍රා බලකොටුව බැලීම.

9 වන දිනය - දිල්ලියේ සාප්පු සවාරිය සහ එදින රාත්‍රී කොළඹ බලා පිටත්වීම.

ගමන් ගාස්තුවට ඇතුලත් දේ

  • ගුවන් ගමන් ගාස්තු
  • නවාතැන් හෝටල් කාමර ගාස්තු
  • ප්‍රවාහන ගාස්තු

ගාස්තුවට ඇතුලත් නොවන දෑ..
  • බෝට්ටු සවාරි පෝනි සවාරි ගාස්තු
  • කේබල් කාර් පුරාවිද්‍යා ස්ථාන නැරඹීමේ ගාස්තු
  • පුද්ගලික අවශ්‍යතාවයන් සදහ මිලදී ගන්නා දේ

ආහාර
ජම්මු කාශ්මීරය  යනු ආහාර පාන විශාල සංඛ්‍යාවක් ඇති පලාතකි . සෞඛ්‍යආරක්ෂිත අවන්හල් වෙතට  අප විසින් සෑම විටම ඔබව යොමු කරනු ලැබේ.


දුරකථන අංකය : +94713269438
E mail : indika27@gmail.com

No comments:

Post a Comment

The Almsgiving Tour

23 I had to write about this almsgiving tour before. I missed it. The almsgiving tour in Luang Prabang is a huge hit. It has become fully co...