ඇල්බේනියාව - දේශපාලනය


පෙර මහජන ඇල්බේනියානු සමාජවාදී ජනරජය.. දැං ඇල්බේනියානු ජනරජය.
ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුවකින් රට පාලනය වේ.
පරිපාලන කොට්ටාශ 37කි.
නිදහස් දිනය :- 1912 නොවැම්බර් 28 - එය Flag Day ලෙසද හඳුන්වයි...
නිදහස ලබාගත්තේ ඔට්ටෝමන් අධිරාජ්‍යයෙනි. (මෙය තුර්කි අධිරාජ්‍යයකි. 1922 දී සම්පූර්ණයෙන්ම බිඳ වැටුනි)

ව්‍යවස්ථාව 1998 ඔක්තෝම්බර් 21දින පාර්ලිමේන්තුවේදී සම්මතව, 1998 නොවැම්බර් 22දින භාරගෙන, 1998 නොවැම්බර් 28දින සිට ක්‍රියාත්මක කරන ලදී.
ඡන්දබලය ලැබෙන්නේ වයස 18දීය.

View Larger Map
 
රටේ නායකයා:- ජනාධිපති
පාර්ලිමේන්තුවේ නායකයා :- අගමැති
කැබිනට් මණ්ඩලය:- ඇමති මණ්ඩලය අගමැතිතුමා විසින් යෝජනා කර, ජනාධිපතිතුමා විසින් නිර්දේශ කළ පසු, පාර්ලිමේන්තුව විසින් අනුමත කරනු ලබයි.


මැතිවරණ
වසර 5කට වරක් ජනාධිපතිවරණයක් පැවැත්වේ.
ජනාධිපති වීමට පාර්ලිමේන්තුවෙන් 3/5ක බහුතරයක් තිබිය යුතුය.
දෙවරක් ජනාධිපතිධූරය දැරිය හැක.
ජනාධිපතිවරයා තෝරාගන්නා මැතිවරණය වට 4කට පැවැත්වේ.
ඊළඟ ජනාධිපතිවරණය 2017දී පැවැත්වේ.


පාර්ලිමේන්තුව
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූර 140කි.
තනි මන්ත්‍රී ආසන 100ක් සහ බහු මන්ත්‍රී ආසන 40ක් වේ.
වැඩි මන්ත්‍රීවරු ගණනක් තෝරා පත්වෙන පක්ෂය ආණ්ඩු පක්ෂය වේ.
අගමැති තෝරා පත්කරන්නේ ජනාධිපතිවරයා විසිනි.
2013දී ඊළඟ මැතිවරණය පැවැත්වේ.
වසර 4කට වරක් එය පත් කර ගනී.
යෝජිත අල්බේනියානු නව පාර්ලිමේන්තුව..
 අධිකරණය
ව්‍යවස්ථානුකූල අධිකරණය විනිසුරුවරුන් 9 දෙනෙකුගෙන් යුක්ත වේ.
ඔවුන්ව පත් කරන්නේ ජනාධිපතිවරයා විසිනි.
වසර 9ක කාලයකට මෙය පත් කරයි.
අධිකරණ පද්ධතියේ නායකයා වසර 4කට වරක් ජනතා කැමැත්තෙන් තෝරා ගනී.

දේශපාලන පක්ෂ කීපයක්ම ඇත. ඒවා පහත දැක්වේ.
Democratic Party or PD [Sali BERISHA]
New Democracy Party or PDR [Genc POLLO]
Party for Justice and Integration or PDI [Shpetim IDRIZ]
Republican Party or PR [Fatmir MEDIU]
Social Democracy Party or PDS [Paskel MILO]
Social Democratic Party or PSD [Skender GJINUSHI]
Socialist Movement for Integration or LSI [Ilir META]
Socialist Party or PS [Edi RAMA]
Unity for Human Rights Party or PBDNJ [Vangjel DULE]

දේශපාලනික වශයෙන් වැදගත් සංවිධාන සහ ශක්තිමත් වෘත්තීය සමිතිද කීපයක්ම වේ.
Red and Black Alliance [Kreshnik SPAHIU]
Front for Albanian National Unification or FBKSH [Gafur ADILI]
Mjaft Movement [Elton KACIDHJA]
Omonia [Vasil BOLLANO]
Union of Independent Trade Unions of Albania or BSPSH [Gezim KALAJA]



රාජ්‍ය ලාංඡනය
හිස් දෙකක් ඇති රාජාලියා

රාජ්‍ය ලාංඡනයේ අර්ථය
15වන සියවසේ සිටි ජාතික වීරයෙක් වූ ජොර්ජ් කැස්ට්‍රියෝටා සැන්ඩර්බර්ග් සංඛේතවත් කරයි. ඔහු තුර්කීන්ට විරුද්ධව සර්ථක නිදහස් සටනක් මෙහෙයවූ අතර ඒ හේතුවෙන් ඇල්බේනියාවේ සමහර ප්‍රදේශයන් හට කෙටි කාලීන (1443 - 1478) නිදහසක් හිමි විය. 
ඇල්බේනියානුවන් ඔවුන් රාජාලියන්ගෙන් පැවත එන්නේය යන අදහස දරයි. ඔවුන් Shkypetars (Sons of Eagle) යනුවෙන් ඔවුන්ව හඳුන්වා ගනී.

CIA ඇසුරින් තමා මෙම තොරතුරු ඔබට ගෙන ආවේ,

Comments

Popular posts from this blog

අපිට පිස්සු ඕයි !!!

ස්වාසිලන්තය (swaziland)