ඊ මේල් වෙන් කර ගැනීම (e mail filtering & labeling)


අපිට විවිධාකාරයේ ඊ මේල ලැබෙනවා..කන්තෝරු ඊ මේල වැඩිහිටියන්ට පමණයි ඉ මේල....යාලුවන්ගෙන් එන ඊමේල ආදි වශයෙන් ඊමේල එනවා...ගූගල් මේල් වලදි මේ මේල් වෙන්කරගන්න එක වැදගත්. නැත්තං වෙන්න පුලුවං වැරදි තමයි කන්තෝරුවෙන ්යාලුවන්ගෙන් එන වැදගත ්කාර්යාලිය මේල් අස්සෙ වෙනත් මාතෘකා තිබීම නිසා මේල් පැටලීම..
එසේ මේල් පැටලීමෙන් වෙන්න පුලුවං අකරතැබ්බ තමයි...
  • අනවශ්‍ය මේල් මකා දැමීමේදී අවශ්‍ය කරන මේල්ද වැරදීමෙන් මැකී යෑම..
  • කන්තෝරුවේ වැදගත් අය සිටින අවස්තා වලදී අසභ්‍ය මේල් සහ වෙනත් අනවශ්‍ය දේවල් විවෘත වීමෙන් අපහසුතා ඇතිවීම..
  • පුද්ගලික දේවල් අනෙක් අයට පෙනීමට සැලසීම..(උදා ඔබ බස් රථයේ යනවිට මේල් ජංගම උපාංගයකින් කියවන වානම් ඔබේ මේල් අනෙක් අයටත් පේනවා එවිට විවිධ දේවල් ඇති මේල් බොක්ස් එක අච්චාරුව වගේ අනික් අයට පේන එක ඒතරම් හොද නෑ)
  • දිගින් දිගට එන ගෲප් හෝ වෙනත් නෝටිෆිකේෂන් වලින් වැදගත් මේල් බැලීමට කරදර ඇතිවීම. උදාහරණ විදියට අපි බ්ලොග් එකක කමෙන්ට් සබ්ක්‍රයිබ් කලා කියලා හිතමු...ඉතිං ඒ සංවාදය නැගලා යනවානං ඔබට මේල් දිගින් දිගටම එනවා....එවිට ඔබට එන වෙනත් මේල බලාගැන් අපාසු වෙනවා...
  • තමුන්ට වැදගත් මේල් තෝරාගන්නට වේලා ගතවීම....ඒකියන්නෙ තමුන්ට ආපු සියලු මේල් එක ගොඩේ තියෙන කොට යාලුවෙක් එවපු වැදගත් මේල් එකක් කන්තෝරුවෙන් එවපු එක්ක හොයන්න රට වටේ රවුං ගහන්න වෙනවා...
සාදාගන්නා ක්‍රමය..

අපි හිතමු යොවුන් රාණි කියන ගෲප් එකෙන් හෝ විද්‍යුත් ලිපිනයෙන් ඔබට එන මේල් වෙන්කරගන්න අවශ්‍යයි කියලා...

1)inbox එකට යන්න

2) ඔබට යොවුන් රාණි ගෲපියෙන් හෝ ඇඩ්‍රසයෙන් ලැබුන  ඊ මේලයක්, අදාල ඊමේලය ඉදිරියේ ඇති කොටු ළකුණ මත හරි ලකුණ යොදා සිලෙක්ට් කරගන්න.

3) ඉන්පසු තිරයේ වම්පස තීරුවේ මදක් ඉහලට වෙන්න තිබෙන More බොත්තම ඔබා ඉන් Filter messeges like these යන්න ඔබන්න.

4)එවිට දිස් වන තිරයේ පහලින් ඇති Create filter with this search » යන්න ඔබන්න.

5)එවිට තවත් තිරයක් දිස් වේවි. ඒ තිරයේ උඩින්ම ඇති Skip the Inbox (Archive it) යන්නට හරි ලකුණක් යොදන්න. ඉන්පසු Apply the label: යටතේ ඇති Choose lable යන්න පහලට කර එතැන පහලින් ඇති කැමති ලේබලයක් තෝරන්න (අවැසිනම් ඔබට අවශ්‍ය නමකින් වුව ලේබලයක් සැකසිය හැක). 

අවශ්‍යනම් පහලින්ම ඇති create filter බොත්තමට දකුණින් ඇති Also apply filter to ______ matching conversations. යන්න ඉදිරියේ ඇති කොටුව මත හරි ලකුණ යෙදීමෙන්  ඔබේ ඉන්බොක්ස් එකේ ඇති  යොවුන් රාණියෙන් ලද පරන මැසේජ අදාල ලේබලයට ගෙන්විය හැක.

6) දැන් create filter බොත්තම ඔබා වැඩේ නිමවනතුරු විනාඩි කිහිපයක් බලා සිටින්න. දැන් යොවුන් රාණියෙන් ලැබෙන හා ලැබුණ සියලුම මැසේජ දිස්වනු ඇත්තේ ජී මේලයේ දකුණුපස ඇති Circles යන්නට යටින් ඔබ ලේබලට යෙදූ නම යටතේය.

මේ දක්වලා තියෙන්නෙ ගූගල් මේල් නැත්තං ජී මේල් වල මේල් වෙන්කරගන්න ආකාරය.අනික් මේල් වලනං කෝමද කියලා දන්නෙ නෑ...

මේ වටිනා තොරතුරු සෙයාදුන් සැමට ස්තූතිය..

Comments

  1. Spam mail Delete වලට කෙලින්ම යන්නත් හදන්න පුලුවන් ඔහොම. මමත් ඔය ක්‍රමය බාවිතා කරනවා.

    ReplyDelete
  2. ඒ කියන්නෙ එතකොට අර ගොසිප් සයිට් වල යොවුන් රානි කියල කමෙන්ට් කරන්නේ උඹයි

    ReplyDelete
  3. කලින් ලිපි වලට වඩා වෙනස් තේමාවක්. මටත් ඊමේල් පැටලෙන ගැටළුව තිබෙනවා. කියලා දුන්නට දැනුම බෙදා ගත්තට ස්තූතියි.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අපිට පිස්සු ඕයි !!!

ස්වාසිලන්තය (swaziland)