ගමන් ප්ලෑන gaman plan1

යාලුවනේ අපි යන ටිප් එක පටන් ගන්නෙ දිල්ලි වලින්..අපි දිල්ලි වල බහින්නෙ 
06 වැනිදා උදේ 10.30ට විතර. අපිට 6 වෙනිදා 11.30 වෙද්දි පරණ දිල්ලි රේල් ඉස්ටේශමට ඇවිත් ඉන්න හැකි වේවි.. 

අපි බුක් කරගත්ත ෂලිමාර් එක්ස්ප්‍රස් ට්‍රේන් එක තියෙන්නෙ 15.50ට ..ඒක එනතෙක් අපිට පැය 5ක් විතර දිල්ලි ඉන්න පුලුවනි. ඇදුම් මාරුකරගැනීම ඕනිනම් අපිට දිල්ලි වලදි කරගන්න පුලුවනි. නැතත් ඒක ජම්මු ඉස්ටේශන් එකේදි වුනත් කරගත හැකි වේවි. 

07 අපි ඉන්නෙ ජම්මු තාවි රේල්වේ නැවතුම් පොලේ..උදේ 0600 වෙද්දි අපිට එතන ඉන්න පුලුවන් වේවි. මෙතන දිල්ලි සිට ජම්මු දක්වා අපි දුම්රියේ යන දුර කිලෝමීටර 640ක් පමණ වෙනවා. ඒසදහා ගතවන කාලය පැය 13කට අධිකයි. 
  
අපි දැන් මෙතන ඉදලා යන්න පටන් ගන්න ඕනි ශ්‍රී නගර් වලට..මෙතන පොඩි අවුලක් තියෙන්නෙ මේ දවස සිකුරාදා.ඒ නිසා ඇතැම් විට කෝච්චි වල ලොකු තදයක් තියේවි. ඒම වුනොත් අපිට හයර් එකට කැබ් එකක් ගන්න වේවි. 

නැත්නම් උදම්පූර් වලට ගිහින් එතන ඉදලා බනිහාල් වලට බස් එකේ ගිහින් නැවත බනිහාල් ඉදලා ශ්‍රී නගර් කෝච්චියෙ යන්න වෙනවා. 

ජම්මු උදම්පූර් - 70 km
Udhampur - Banihal : 125 km
Banihal -Srinagar - 110 km

අපි කෝච්චි වල ගියොත් යන පාරයි..කෙලින්ම ජම්මු වලින් ටැක්සියක් අරං ගියොත් ගුල්මාර්ග් යන පාරයි පාරවල් දෙකක්. 

මොන ක්‍රමේකින් හරි ගිහිල්ලා අපි එදා හවස ශ්‍රී නගර් හෝ ගුල්මාර්ග් වල ඉන්න ඕනි. 

08 කේබල් කාර් වල යන්න යොදාගෙන තියෙන්නෙ අදයි. සුදුසු කේබල් කාර් එකක් තෝරගෙන ඒකෙ යෑම තමයි තියෙන්නෙ. අපි කලිං දවසෙ ශ්‍රී නගර් හිටියොත් අපිට පාන්දරම ගිහින් කේබල් කාර් ටිකට් ශ්‍රී නගර් වලිං අරං එත හැකි. නමුත් කෙලින්ම ගුල්මාර්ග් ම ගියොත් අපි ටිකක් උදෙන් නැගිටලා මූන කට හෝදල යමු කට්ටිය එන්න කලිං ..එතකොට පාන්දරින්ම ගිහින් අවට සිරි බලත හැකි.. 08 දිනයේ වෙලාව ඉතිරි වුවහොත් අපි ශ්‍රී නගර් අවටද සිරි නැරඹීමට හැකි වනු ඇත. 

09 ගුල්මාර්ග් හෝ ශ්‍රී නගර් සිට කාර්ගිල් දක්වා පිටත් විය යුතුය. ඒ අතර ඇති ලක්ශන තැනක් වන සෝනොමාර්ග් බලා ගෙන යෑම පිණිස අපි රථයක් වෙන්කරගෙන යෑම හොදය. 

10 පෙනෙන අන්දමට කාර්ගිල් සිට ලේ දක්වා බස් ධාවනය වේ. එබැවින් අපිට මේ අතර මග බලාකියා ගන්නට එහෙමට ලබ්බ්ක නැති සෙයින් බසයක නැගී ලේහ් දක්වා යා හැකිය. එදින සවස් බාගයේ අපි සිටින්නේ ලේ වලයැ.

11 ලේ්හ වල බලන්නට ඇති තැනක් වෙතොත් එය නැරඹිය යුතුය. අපිට අවසර පත් නොමැති බැවින් බොහෝවිට නැරඹිය හැකි වන්නේ සීමිත ස්ථාන කීපයක් පමණක් විය හැකිය. මේ ලේහ් යනු බෞද්ධ නගරයකි. සියයට බර ගානක් මහායාන ටිබෙට් බෞද්ධයෝය. 

12 මේ හදන්නේ බහින්නටයි. මෙහිදී මෙතෙක් කලක් අපි නැග්ග උස බැසිය යුතුයැ. කීලොන්ග් දක්වා බැසීමට අදහස් කරන අතර ඒ අතර ඇති මොකද්දෝ පාස් එකක් බැලීමට අදහස් කරගෙන සිටිමු. නමුත් පාස් එකක බලන්නට කියා එහෙටම දෙයකද් නැත කොඩි වැල් කීපයක් ඇති කනු තඩියක් හිටවා ඇති අතර එය යටින් අහවල් පාස් එකයැයි බොඩ් එකක් ගසා තිබේ. 

13 දැන් අපි මනාලි වලට ලගා වීමට සිතමු. 13 සවස් භාගයේ මනාලි වලට අපිට ලගා විය හැකි අතර ඒ අතරමග සුප්‍රකට පාස් එක හමුවේ.එදින සන්ධ්‍යා භාගයේ අපි මනාලි වලය 

14 මනාලි අවට සිරි නැරඹීම.

15 විවේකය.

16 සන්ද්‍යාවේ අපි දිල්ලි වලට යෑමට පිටත් විය යුතුය. මාර්ග දෙකකි. එකක් චාන්දිග්‍රාහ් වලට ගොස් දුම්රියෙන් දිල්ලි කරා යා හැක. 
Manali - Chandigrah - 291km
Chandigrah -Delhi - 260 km

17 අද දින දිල්ලි වල ඇති ස්ථාන නැරඹීමට ඇති දවසයි. දිල්ලි වල ගාන්ධි මල තැන..දිල්ලි කෞතුකාගාරය.(බුදුසමයේ නටඹුන්ද අපිට බැලිය හැක) දිල්ලි පාර්ලිමේන්තුව, කාශ්මිර් ගේට්ටුව ආදී දිල්ලි වල වැදගත් ස්තාන බැලිය හැක. 


 18 අද දින මුලු දවසම ෂොපින් සදහා යොදාගෙන ඇති අතර අපි වෙන්කරගෙන ඇති ගුවන් යානය පිටත් වන්නේ සවස 0725ට වන බැවින් අපිට සවස 05 විතර වෙනතෙක් රිස් සේ සොපින් කරගත හැක ිෙවනු ඇත. 

Comments

  1. අය්යො සල්ලි කියල තමයි කියන්න තියෙන්නෙ.මමත් අප්‍රේල් මාසෙ ගියා දවස් හයකට. ලංකාවට ආපු වෙලාවෙ...දිල්ලි..උත්තරක්කන්ඩ්ද්..මසුරි..දිල්ලි නම් චොර..මගෙත් එක්ක මෙහේ එකට වෑඩ කරන එකෙක් ඉන්වයිට් කරපු නිසා ගියේ..කරෙත් උගේ එකේ..හම්මො..යනවා..යනවා..යනවා..දවසෙන් තුන්කාලක් මහ මග..මට හිතා ගත්තහෑකි කලොත් කොහොමට හිටීද කියලා..කෑම ..බීම පරිස්සමෙන්..විශේසයෙන් බීම වර්ග වලින්.. මම ආයෙත් ලංකාවට එන්න කලින් දවසෙ රෑ හොස්පිට්ල් ඇඩ්මිට් වෙලා බෙහෙතුත් ගත්තා..

    ReplyDelete
  2. හරේ.. දවස් හයට මේමනං සති දෙකට ආතල් කං දෙකෙන් බේරෙන්න තියෙයි නේහ්.. ජය වේවා !!!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අපිට පිස්සු ඕයි !!!

ස්වාසිලන්තය (swaziland)