ඇල්බේනියානු ඉතිහාසය History of Albanian

ඇල්බේනියාවේ මුල් පදිංචි කරුවන්.
ඇල්බේනියානු මුල් පදිංචිකරුවන් ගැන මෙතෙක් කරන ලද සොයාගැනීම්වල තවදුරටත් යම් අපැහැදිලිතාවයක් පවතී.  අනෙකක් තියා  පුරාවෘත්තයන්ට අනූව ද පැහැදිලි වාර්තාවක් සපයා ගැනීමට මේ වනතුරුත් මානව වංශ විද්‍යාඥයින් අපොහොසත්වී ඇත.

ඇල්බේනියානුවන් පෙනිසියුලාවෙන් සංක්‍රමනය වු බව සැක කලත් තවමත් ඒ පිළිබඳ පිළිගත හැකි සාක්ෂියක් හමුවී නැත.
ඒ නමුත් දැනට විශ්වාස කරන අන්දමට ඇල්බේනියානුවන් අග්නිදිග යුරෝපයේ ඉතාපැරණි  වංශයකින් පැවත එන්න් බව පැවසේ.  ඉතිහාසයේ සඳහන් ආර්‍යයන්ගේ සංක්‍රමනයන් සමඟ පැමිනි ඇල්බීනියානුවන්ද ඔවුන්ගෙන් පැවත එන්නන් බවට සැලකේ. ඔවුන් ඉතාලිය, මැකඩොනියාව වැනි රටවලින් සංක්‍රමණය වන්නට ඇති බව දැනට පැවනෙ විශ්වාසයයි.  අතීත ග්‍රීක රචකයින් විසින් මොවුන්ව "barbarous" සහ "non-Hellenic," යන නම් වලින් හඳුන්වා ඇත.
අල්බේනියානු නටඹුන්

මුල්කාලයේ සියුස්  දෙයින්ව අදහූ ඔවුන් පසුකාලීනව Zot නැමින් හඳුන්වන දෙවියන්ද මෑත කාලීනව Dodona නැමැති පේනකියන දෙවියාද විශ්වාස කරති.

මානව වංශවිද්‍යාවට අනූව ඔවුන් තමන්ව  අග්නිදිග යුරෝපයේ Balkan  නමින් හඳුන්වනු ලෑබු ම්ලේච්චයන්ගෙන් පැවැත එන පරපුරක් ලෙස හඳුන්වන බව සඳහන්වේ.  එම ඇදහීම නිසා අසල්වාසී රටවලින් ඇල්බීනියානුවන්ට පුර්ණ නිදහස හා පිළිගැනීමක්ද ලැබී ඇති බව තවද සඳහන්ය.


ඔවුගේ භාෂාව අසල්වාසී රටවලින් සම්පූර්ණයෙන්ම වෙනස් වේ. නමුන් එය මිහිරි භාෂාවක් ලෙස සැලකේ. බොහෝවිට ඔවුන්ගේ නම් පුරාන ග්‍රීක දෙවිවරුන්ගේ නම් වලට සමාන වේ.
අල්බේනියානු පුරාතන නටඹුන්

යටත්විජිත සමය

6 වන සියවස වන විට ග්‍රීක අධිරාජ්‍යෙය්  යටත් ප්‍රදේශයක් බවට පත්වන්නට ඇල්බේනියාවට සිදුවිය.  ග්‍රීකපාලන සමය අවසන් වන විට නැවතත් බේසන්තීන් නම් අධිරාජ්‍යායටතට පත්වන්නට මේ රටට සිදුවිය.  එම පාලන සියවස් ගනනාවක් දක්වා දිව යයි.
මධ්‍යකාලීන සමයේ සිදුවූ සමාජ ආගමික විද්‍යාත්මක හා සාමාජීය වෙනස් කම් වලට මුහුණ දීමට මෙම රටටත් යටත් රාජ්‍යයක් ලෙසින් සිටියදීම සිදුවිය. මධ්‍යතන යුරෝපීය නැගී සිටීමට අනුව මෙහිද අධ්‍යාපනික, සමාජ තත්වය වැනි අංශ වල පැහැදිලි  දියුණුවක් ඇතිවිය. නමුත් එය තවදුරටත් Byzantium අධිරාජ්‍යෙය් යටත් ප්‍රදේශයක්ව නොපැවතුනි.

Byzantium රාජ්‍යයේ  බිඳවැටීමත් සමඟ ටර්ක්ස් වරුන්ගේ යටතට පත්වත මෙම රට මධ්‍යතන පුනරුදයේ වෙනස් වීම් වලට බහුලව ලක්වන්නේ ටර්ක්ස් පාලනය යටතේයි.

මෙලෙස සියවස් ගනනාවක් අධිරාජ්‍යයන් යටතේ පවතින ඇල්බේනියාව 18වන සියවස අග භාගය වන විට ඔටෝමෑන් ටර්ක්වරුන්ගෙන් නිදහස බලා 19වන සියවසේ මැද භාගය වන විට අර්ධ ටර්ක් පාලනයෙන්ද මිදී  ජනරජයක් වශයෙන් ස්ථාවර වෙයි. ඒ 1912 ඔක්තෝම්බර් සිට 1912 නොවැම්බර් 18 දක්වා කාලය අතරතුරදීය.

එසේ නිදහස ලබන ඇල්බේනියාවට රජවරු හා බිශොප් වරුන්ගේ පාලන අනුග්‍රහය ඇතිවන අතර දෙවන ලොක යුධ සමයේදී එයට නතුවන්නටත් සිදුවේ.
  ලෝක යුද්ධයෙන් පසුව ඇල්බේනියාව 1946 සහ 1976 අතර කාලයේදී  the People's Socialist Republic of Albania. ලෙස රාජ්‍ය පාලන ව්‍යුහය ක්‍රමවත්ව සකස් කර ගනී.

Comments

  1. දිගටම රටවල් වල විස්තර ලියන්නද ඉන්නේ? එළ එහෙමනම්.මං දැනගන්න කැමතිම දෙයක ඒ..
    බ්ලොග් අතරින් දැක්ක වෙනස්ම බ්ලොග් අඩවියක්. දිගටම කරන් යන්න හැකියාව ලැබේවා.. ජය..!!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අපිට පිස්සු ඕයි !!!

ස්වාසිලන්තය (swaziland)