Monday, April 14, 2014

battle of the pacific (2011)

දෙවන ලෝක යුද්ධයේදී ජපානය යුද්ධ කලේ ඇමරිකාවට ඇතුලු මිත්‍ර පාක්ෂිකයින්ට විරුද්ධව. ජපානය පැසිෆික් සාගරයේ බොහොම ප්‍රබලව සටන් කලා. ඒ අය ඉන්දුනීසියාව පැත්තට එනකල් ඔවුන්ගේ ආධිපත්‍යය පැතිරෙව්වා. 

ඇමරිකාවට ජර්මනිය යටත් කරගන්නවාට වඩා ජපානය යටත් කරගන්න එක අමාරු වුනා. මම අහල තියෙන විදියට ජපානය සම්පූර්ණයෙන්ම යටත් වෙන්න තීරණය කරන්නෙ හිරෝෂිමා නාගසාකි බෝම්බ දෙක පිපිරුනාට පස්සෙ. දීර්ඝ වශයෙන් ගිහිපු යුද්ධයක් නිසා ඇමරිකාවත් ඒ වෙනකොට වෙහෙසට පත්වෙලා ඉන්න ඇති.

ඔය පැසිෆික් සාගරයේ ඇතිවෙච්චි යුද්ධයට පර්ල් හාබර් කියන සිද්ධිය ප්‍රබලවම බලපාලා තිබෙනවා. මේ පැසිෆික් පැත්තෙ යුද්ධය මෙහෙයවන්න අයිසන්හවර් කියන තරු හතරෙ ජනරාල් දායක වෙලා තියෙනවා. අයිසන්හවර් පසුකාලීනව ඇමරිකානු දේශපාලනයට ඇවිත් ජොන් එෆ් කෙනඩිට කලින් ඇමරිකාවෙ ජනාධිපති බවටත් පත්වෙනවා. 

මේ හේතුව නිසාමද මන්දා දෙවන ලෝක යුද්ධයේ පැසිෆික් සාගරික යුද්ධය ඇමරිකානු පාර්ශවයෙන් රූපගත කෙරුනු ප්‍රමාණය වැඩියි.ඒ වගේමඒ බොහෝ කතා ඇමරිකානු පාර්ශවයට වාසි දායකයි. 

මේ බැටල් ඔෆ් පැසිෆික් හදලා තියෙන්නෙ ලාස්ට් සමුරායි කියන ෆිල්ම් එක හදාපු හිඩෙයුකි හිරයම කියන (Hideyuki Hirayama ) කියන අධ්‍යක්ෂකවරයා. ලෝකෙ අන්තර්ජාලය ලෝක පතල සිනමා කර්මාන්තය මූලික වෙලා තියෙන්න අමරිකාව පදනම් කරගෙන. මේ ෆිල්ම් එක හැදෙන්නෙ ඇමරිකාව වර්ණනා කරන තැනකින් නෙමෙයි. ඒ නිසා ඇමරිකන් පද්ධති මගින් අධ්‍යක්ෂවරයාට පීඩනයක් එල්ල වෙනවා. ඒ හරහා එතුමාට මේ ෆිල්ම් එක හිතන තැනට ගේනන බැරිවුනා කියලා අන්තර්ජාලයේ තිබුනා.

කොහොම වුනත් ජපාන ජාතිකයින් සතුව ඉහල ගුණාංගයන් තිබෙනවා. ඔවුන් දෙවන ලෝක යුද්ධයේදි සම්පූර්ණයෙන්ම පරාජය කරන්න බැරිවෙන්නත් ඒ හේතුව බලපාන්න ඇති. ජපාන කාරයො කියන්නෙ පසුකාලිනව තාක්ෂණය අතින් දියනු වුන ජාතියක්. ජාතියක් විදියට ගත්තම හොඳ හැදියාවක් තිෙබන සිංහලෙන් කිව්වොත් ඩිසිප්ලින් තියෙන ජාතියක්. 

මේ කතාව යන්නෙ මුලු ජපානෙම සහ පැසිෆික් සාගරයෙන් අති බහුතර කොටසක් ඇමරිකාවට යටත් වෙද්දිත් අවසාන ලේබිංදු දක්වා සටන් කරන්න පෙළඹෙන කැප්ටන් වරයෙක් වටා. ඔහු අවසාන වෙනකල් තමුන්ගේ රට වෙනුවෙන් සටන් කරන්න තීරණය කරනවා. 

මේ ෆිල්ම් එක ගැන අයි ඇම් ඩී බී IMDB සයිට් එකේ නැහැ. ෆිල්ම් එක ගැන ඇමරිකන් කට්ටිය ලියපු වාර්ථාදිය වලින් කියවෙන්නෙ මේක දුර්වල ෆිල්ම් එකක් විදියට.ඒත් මේක මටනම් අවුලක් නැහැ වගේ. මේකෙදි අධ්‍යක්ෂවරයා ඇමරිකන් සහ යුරෝපිය ජාතින්ට පක්ෂ විදියට ෆිල්ම් එක හදපු නැති නිසා ඒ අය තරහට එහෙම කියනවා වෙන්න ඇති.

යුද්ධ කතා ආදිය බලන්න කැමති අයටත්. සැබෑ වීරයන් ඉන්න ඇත්ත කතා බලන්න කැමති අයටත් කියාපු ෆිල්ම් එකක්. 
battle of the pacific 2011 torrent කියලා ගූගල් සර්ජ් එකේ ගහල සර්ච් කරලා තමුන්ට ගැලපෙන ප්‍රමාණයේ ටොරන්ටුවක් තෝරගන්න..මම බැලුවෙ 720සයිස් එක. අවුලක් නැහැ වගේ.

Thursday, March 13, 2014

දූපත් මානසිකත්වය පෙන්වන Welcome to the Jungle

මිනිස්සු පිරිසක් කාත් කවුරුවත් නැති දූපතක හුදකලා වුනාම ඒ මිනිස්සු මොන විදියට ජීවත් වෙයිද? හිතන්න ටිකක් සරුසාර දිවයිනක් කියලා.ඒ වගේ එකකදි කෝම මිනිස්සු සංවිධානය වෙයිද? මොන විදියට තමුන්ගේ නායකයා පත්කරගනීවිද?
මේ සමාජයේදී කාරු වුනත් අප අවට සමාජය සමග හැඩගැහෙන්න අවශ්‍යයි. අපි සමාජයට සාපේක්ෂව තනිකර වෙනස් විදියට ජිවත්වෙන්නත් බැහැ. අපි සමාජයට ඕනි විදියටම ජීවත්වෙන්නත් බැහැ. ඒ අතරමැද තැනක තමයි හැමෝම ඉන්නෙ.
අපේ රට ඉස්සර දූපතක් විදියටම පැවතුනා. අතරින් පතර ඉන්දියාවෙන් සහ නාවික මාර්ගවලින් පැමිණි පිරිස් ඇරුනාම රට බාහිර ලෝකයට විවෘත වුනේ අඩුවෙන්. මේ විදියට කාලාන්තරයක් අපි දූපතක් ඇතුලෙ හුදකලා වීම නිසා අලුතින් මානසිකත්වයක් නිර්මාණය වුනාය. ඒ මානසිකත්වය දූපත් මානසිකත්වය විදියට හඳුන්වන්න පුලුවන්ය කියලා ඇතැම් අය කියනවා. අපේ රට වගෙ බොහෝම සශ්‍රීක රටක මිනිස්සුන්ට තිබෙන බාහිර ගැටළු අඩුයි. ඔවුන් ඉතාම සාමකාමීව උපන්නාට මෙලොවේ වැනෙනවා වැනිව ජීවත් වන්නට ඇති.

නමුත් යුරෝපා රටවල් බොහොමයක් අපි තරම් සශ්‍රීක නැහැ. සමහර රටවල් වලට තවත් රටවල් නැතුව රඳාපවතින්න හැකියාවක් ඇත්තෙම නැහැ. ඒ නිසා ඒ රටවල ඇත්තො නැව් නැගල ඇවිත ්අපේ වගේ රටවල් අල්ලා ගත්තා. අල්ල ගත්තයින් පස්සෙ අපි අර දූපත තුල ගොඩනගාගෙන තිබුන සංස්කෘතික ආධිපත්‍ය ටිකෙන් ටික දියවෙලා අලුත් සන්නිවේදන තාක්ෂණය එක්ක තවත් එකතුවෙලා වෙනස්වෙලා අමුතු තැනකට එකතුවෙන්න ලැබුනා. 

ඉතිං ආයෙත් මුලට ගියොත් අපි හෝ අමරිකන් කාරයො හෝ ජපන්නු හෝ මොනම හෝ ශිෂ්ඨාචාරගත මිනිස්සු කන්ඩායමක් දූපතකට සෙට් වුනොත්. කෝමට තියෙයිද. මේ ෆිල්ම් එකේ ඒ විදියට මිනිස්සු කන්ඩායමක් දූපතක අතරමං වීම සම්බන්ධව තිබෙනවා. ඒ අවස්ථාවන් වලදී මිනිස්සුන්ගේ සාමුහික අරමුණුවලට වඩා පුද්ගලික පටු අරමුණු වලට තැනක් ලැබෙන හැටි. ඒ පටු ආකල්ප සහිත මිනිස්සු නායකයින ්වෙන හැටි. ඒ අයගෙන ්වෙන අගතිය වගේ දෙවල් මේක ඇතුලෙ පෙන්වනවා.

වෑන් ඩෑම් හිටියාට මේ ෆිල්ම් එක පුරාවට වෑන්ඩෑම් ගහන්නෙ එකම එක ෂොට් එකක් විතරයි. වෑන්ඩෑම් වෙනමම කොමඩි චරිතයක් විදියට තමයි නිරූපනය වෙන්නෙ. කැමරා ශිල්පය සංස්කරණය වගේ තැන්වල පේන ගැටළු තිබුනත් ෆිල්ම් එකේ තේමාව ටිකක් උසස් එකක්.

අපි හැමෝම අපිට කොටුවුන රාමුවක ජීවත්වෙන්න හුරුවෙලා. එතනින් එහාට දකින්න පුලුවන් අයට තමයි ලොකු වාසි ගන්න චාන්ස් තියෙන්නෙ. සමාරවිට එහා දකින්න ගිහින් නැතිවෙන්නත් පුලුවනි. හැබැයි අපිට ඉදිරියට යන්න නම් අපි මේ කොටු වලින් ඉස්රහට යන්නම වෙනවා. 

ෆිල්ම එක කොමඩියක් . නමුත් අපි වගේ ඇත්තටම කාලයක් දූපතක් වෙලා ලෝකෙන් හුදකලා වෙලා තිබුන රටක අය විදියට බලා  කියා ගන්න වටින සිනමා පටියක් තමයි වෙල්කම් ටු ද ජංගල් කියන්නෙ. රජෙක් තෝරාගැන්ම, රජාට කිසිදු වගවිබාගයකින් තොරව දෙකට නැමීම, රජා කියනදේවල් කියන්නන් වාලේ කිරීම. සැමවිටම රජා නිවැරදි යැයි සිතීම. ආදී දූඵත් ගති රාශියක් මේ ෆිල්ම් එක තුල ලක්ෂනට බලාගන් හැකියාවක් ලැබෙනවා. 
http://www.imdb.com/title/tt2193265/?ref_=nv_wl_img_2

Tuesday, March 4, 2014

පුරෝහිතවාදය

අලුත් අදහස් පහළ කරන්නාට නැත හොත් සම්මත ධර්මයක් ප්‍රතිසංස්කරණය කිරීමට තැත් කරන්නාට පරෝපවාදයෙන් මිදීමට නොහැකිය. නොයෙක් විට කැට මුගුරු පහර ලැබීමද සමහර විට ජීවිත හාණිය පවාද සිදු වේ. මෙය ලෝක ස්වභාවයකි. මෙහොමඩ් තුමාට රට හැර යන්නට සිදු වූයේය. ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ ඇණ ගැසුම් කෑසේක. සර්වඥයන් වහන්සේට පවා කරන ලද නිග්‍රහයෝ සුළු පටු නො වූහ. තමන්ට ලැබෙන ලාභ සත්කාර ගරු බුහුමන් අඩු වූයෙන් කුපිත වූ නිඝන්ඨයින්,බුදු පියානන් ඉදිරියට එවූයේ චිංචිමානිවිකාවක; සාහිත්‍ය නිඝන්ඨයන් මවෙත එවූයේ ඊරියක.

රබර් රෙපයාර් නොකල“ මෝටර් බසය “ යන වචන සිංහලයා නම් ලියුම් කරුට අරළු කෂයට වඩා තිත්තය. එහෙනම් මැනැවැයි සිතන්නේ “මහා ස්ථිති ස්ථාපකය“ අප්‍රතිසංස්කෘත විදුලි රථය යන මේ වචනද? බයිසිකලයට ‘චක්‍රයාන“ සෙරෙප්පුවට ‘මිරිවැඩිසඟල‘ කෝප්පයට ‘කුසලාන‘ යයි නම ්කියන බමුණන් ඉන්න තෙක් සිංහල භාෂාවෙන් කිසි කලෙක බඩුවක් අඳුන්වා දෙන්නට නොහැකි වීම පුදුමයක්ද?


කුමාරණතුංග මහතාගේ එක් මතයක් අපිද අනුමත කරමු. ‘ පොත් ගන්නෝ තමනට අභිමත රසයෙන් ආඩ්‍ය වූ ....පොත් තෝරා ගනිත් , එකල යම් ගත් කරු කෙනෙක් රසිකයන්ගේ සිත් අදිද්ද ඔහු ප්‍රචාරයට පැමිණෙති. යම් ග්‍රන්ථ කෙනෙක් නීරස ජීර්ණ පත්‍ර මෙන් රස දනන්ට අභිමත නොවෙත්ද ඔහු උපන් තැනම දිරති‘ යනුයි.


මේ ඉහත කී උපුටන මා ගත්තේ පුරෝහිතවාදය නැමැති පොතෙනි. මේ කොටස ලියා ඇත්තෙ ප්‍රබුද්ධ සෛංහල නැමැති ආරූඩ නාමිකයෙකි. 1930 වර්ශයේදී ගුරු අභ්‍යාස විද්‍යාලයන්හි විෂය මාලාව සංශෝදනය කරන ලදුව සිංහල සාහිත්‍ය විෂය සඳහා සුදුසු කෘති අධ්‍යාපන මණ්ඩලය විසින් නියම කොලෝය. නමුත් කුමාරතුංග මුණිදාස සහ අනෙක් බොහෝ සිංහල විචක්ෂණ පන්ඩිතයින්ගේ අදහස වූයේ එසේ ආණ්ඩුවේ අය විසින් තීරණය කරන ලද පොත පත එවන් ගුරු සිසුන් වෙනුවෙන් නොගැලපෙන තරම් වන බවකි. ඒ නිසා සමාජයේ විශේෂ කතිකාවතක් ඇතිව තිබේ.

එවකට තිබුන ස්වදේශ මිත්‍රයා යන පුවත්පතේ ඒ ගැන විවාද ලිපි බොහෝ ගණනාවක් පළ ව තිබේ. අද කාලයේ අප කියවන පුවත්පත් වල ලිපි වලට වඩා ආකර්ශනීය බසින්ද කවි යෙදුම් රූපක ආදියෙන්ද සමන්විතව තත්කාලීන බසට මඳක් පැරණි බසින් මේ වාද ලිපි පළ වී ඇත. ඒ ලිපි එකතුවක් පුරෝහිත වාදය නමින් දො. දෙ මොහොට්ටි නැමැත්තෙකු විසින් සංස්කරණය කරන ලදුව ඉදිරිපත් කොට තිබේ.

කුමාරතුංග මුණිදාස මහතා විසින් එයට ලිපි කිහිපයක්ම සපයා ඇති අතර ගුරු අභ්‍යාස විද්‍යාලවල ගුරු භවතුන්. සාහිත්‍යකාමී හිමිවරුන් සේම අද කාලයේ මෙන්ම නිර්ණාමික සහ ආරූඩ නාමිකයින්ද විශාල ප්‍රමාණයක් ඒ ගැන වාද විවාද කොටගෙන ඇත. අවසන මේ වාදය මැද කුමාරණතුංග මුණිදාසයන් විසින් ඔප්නංවන ලද ඇ කාරය සම්බන්ධ උප වාදයක්ද ගොස් තිබේ.

ඒ උප වාදයද ඇ කාරය ගැනත් භාෂාවන්හි පැවැත්ම ගැනත් වටිනා තොරතුරු වලින් සමන්විත වෙයි. අද මෙන් සන්නිවේදනය දියුනු නොවූ අවධියක සිංහල කතාකරන ලියන මිනිසුන් අතරත් පුළුල් දැනුමැති අය සිට ඇත. කුමාරතුංග මුණිදාසයින් බොහෝවිට ඇරගෙන ඇත්තේ මැද මගකි. ඔහු දැඩි මතදැරුයෙක් නොවන බව මේ පොත කියවීමෙන් දත හැකිය.

කුමාරතුංගයෝ බලපිටිය ගුරු අබැසි විදුහලට අභිනවයෙන් පත් වී පැමිණ පළමු අභ්‍යාසය ලෙස ඇබැසි විදුහල් පාලකයින්ට සිංහලෙන් ලිපියක් ලියන්ටැයි කියා තිබේ. එම අවස්ථාවේ බොහෝ සිසුන් කුමාරතුංගයින්ගේ සිත් ගනු පිණිස ඒ ලිපියට කිසිම වගේ වගක් නැතිව ඇ කාරය යොදමින් ලියා ඇත. එම අවස්ථාවේ කුමරතුඟුවන් ව්‍යවහාර බසට ඇ කාරය හැමතැනම නොයෙදෙන බවත් ඇ යනු සිංහල ශබ්ධයක් වුවද එය ලියූ පලියට සැම තැනම එකසේ උච්චාරනය නොකල යුතු බවත් ලෙෆ්ටිනන් ආදී ඉංගිරිසි වචන ලියන ආකාරයට කෙසේ වත් උච්චාරනය නොකරන බවත් පවසා ඇත. එසේම හෙල බසට ආවේණික ශබ්ධයකැයි සලකන  පුරාණයේ තිබූ ඇ කාරය ඇ පරිදිම ශබ්ධ කිරීම දෝෂ සහිත බව දක්වා ඇත.

ව්‍යවහාර ලේඛන වලට ඇ කාරය එකතු වීම එතුමා නොදිරවූ නිසාදෝ මින් මතුවට තිබෙන අවසාන විභාගාදියට ඇ කාරය අනවශ්‍ය පරිදි යොදනු ලැබුවොත් ප්‍රශ්ණ පත්‍ර වලට ලකුණු අඩු කරන බවට තරවටු කිරීමක්ද කුමාරතුංගයෝ කර ඇති බව මේ පොතේ සඳහන්ය. 




පුරාණ වාද විවාද ගැන ආශා ඇති අයටත් හෙල බස ගැන වැඩිමනක් තතු දැනගන්නට රුචි අයටත් කියවා දැනුම ලබාගත හැකි මාහැඟි පොතකි පුරෝහිතවාදය.

පොතේ නම :- පුරෝහිතවාදය
ප්‍රකාශකයෝ :- ඇස් ගොඩගේ සහ සහෝදරයෝ
කතෘ :- දො. දෙ මොහොට්ටි
පොතේ අංකය :- ISBN 955-20-0441-1
පොතේ මිල :- රු 90/=
පොතේ පිටු ගණන :- 188

Saturday, March 1, 2014

නිල් මල

 නෙලාගන පැන් ඉසි
මල් ඇත එහෙ මෙහෙ විසිරි
නමුත් ඈතින් වූ මලක්
පේනවා එහි අමුතු හැඩක්

ගොඩාරියක් දුරයි
කඩන්න බැහැ ඈතයි
ඒත් සිත නෙලාගත් මලට
වඩා ඈත මලට ආසයි.


Friday, February 28, 2014

Frozen (2013) ෆ්රෝසන්



“ආදරය සුන්දර වරදකි“ යැයි උතුරුමැද පලාත් ආන්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ කියන විට ජයසිරි අමරසේකර “ආදරය වගෙ නොවේ අගහිඟ දැනෙයි කූඩුවේ“ යැයි කියා ඇත. ආදරය යනු කුමක් දැයි හරියටම කියන්න බැරිය. ජලය නිශ්චිත හැඩයක් නොගන්නා බවද එය දමන බඳුනේ හැඩය ගන්නා බවද අප කුඩා කල විද්‍යාව පාඩමට ඉගෙන ගෙන ඇත. ආදරයද එවැනි කරන මොල පොලොතු මත රඳා පවතින හැඟීම් ජාතියකැයි විටෙක සිතේ.

ආදරවන්තයින් දෙදෙනෙකු වටා ගෙතෙන මේ ෆ්රෝසන් නම් සුරංගනා කතාව වෝල්ටර් ඩිස්නි කොම්පැනියේ නිපදවූවකි. කාටුන් චිත්‍රපටයක් වුවද එය මනුෂ්‍ය හැඟීම් අවුස්සන ආකාරයට සිනමාවට ඉදිරිපත් කිරීමට ඒ චිත්‍රපටය හැදූ අය උත්සාහ කර ඇත.

සරල, විනාඩි ගානකින් කියා නිමකල හැකි කෙටි කතාන්දරයක් වුවද එය මනාව ඔපමට්ටම් කල සිනමා පටියක් තුලදී වඩාත් දිග ආකර්ශණීය තාලයට ඉදිරිපත් කල හැකිය. ෆ්රෝසන් යනු එවැනි කාටුන් චිත්‍රපටියකි. එහි සමස්ථ කතාවේම ඇතුලත් වෙන ප්‍රධාන සිදුවීම් කිහිපයක් වුවද ඒවා මනරම්ව ඉදිරිපත් කිරීමට කාටුන් චිත්‍රපටි කාරයා සමත්ව ඇත.

කාටුන් චිත්‍රපට යනු හුදෙක් පොඩි ළමුන්ට බලන්නට ඇති චිත්‍රපටි ජාතියකැයි අප සමාජයේ මුල් බැසගත් මතයක් ඇත. නමුත් කාටුන් යනුවෙන් හැඳින්වෙන කාටුන් චිත්‍ර හා සල රූ යොදා නිපදන වැඩිහිටි වල් වීඩියෝද ඇති බවක් මා එහෙන් මෙහෙන් අසා ඇත.

කතාකරන සතුන් යක්ෂයින්, දෙවියන්, සුරදූතිකාවන්, අරුම පුදුම භූමි දර්ශන ආදිය කාටුන් චිත්‍රපටිවල දක්නට ඇත. සිනමාව යනු කොහොමටත් ලස්සනට අමුණන ලද බොරු වැලකි. එබැවින් බොරු කෙතෙක් තිබේදැයි කියා ගනන් කරමින් ෆිල්ම් බැලීමත් එක්තරා විකාර වැඩක් බව මට සිතේ.

ෆ්රෝසන් කතාව තුල මට ඇති වූ එක ගැටළුවක් නම් කතානායක පෙම්වතියට ලැබෙන පෙම්වතුන් දෙදෙනාම එකම රූ සොබාවෙන් යුක්ත වීමයි. ඔවුන් දෙදෙනා රූපකාය දෙකකින් හඳුනාගත හැකි ලෙස පෙන්නුවානම් හොඳයැයි මට සිතුනි. ආදර කතා, කාටුන්, සුඛාන්ත අවසානයන් ආදියට ආසා කරන අයට කදිම චිත්‍රපටියක්ලෙස ෆ්රෝසන් දැක්විය හැකිය. 

http://www.imdb.com/title/tt2294629/

The Almsgiving Tour

23 I had to write about this almsgiving tour before. I missed it. The almsgiving tour in Luang Prabang is a huge hit. It has become fully co...