Thursday, March 13, 2014

දූපත් මානසිකත්වය පෙන්වන Welcome to the Jungle

මිනිස්සු පිරිසක් කාත් කවුරුවත් නැති දූපතක හුදකලා වුනාම ඒ මිනිස්සු මොන විදියට ජීවත් වෙයිද? හිතන්න ටිකක් සරුසාර දිවයිනක් කියලා.ඒ වගේ එකකදි කෝම මිනිස්සු සංවිධානය වෙයිද? මොන විදියට තමුන්ගේ නායකයා පත්කරගනීවිද?
මේ සමාජයේදී කාරු වුනත් අප අවට සමාජය සමග හැඩගැහෙන්න අවශ්‍යයි. අපි සමාජයට සාපේක්ෂව තනිකර වෙනස් විදියට ජිවත්වෙන්නත් බැහැ. අපි සමාජයට ඕනි විදියටම ජීවත්වෙන්නත් බැහැ. ඒ අතරමැද තැනක තමයි හැමෝම ඉන්නෙ.
අපේ රට ඉස්සර දූපතක් විදියටම පැවතුනා. අතරින් පතර ඉන්දියාවෙන් සහ නාවික මාර්ගවලින් පැමිණි පිරිස් ඇරුනාම රට බාහිර ලෝකයට විවෘත වුනේ අඩුවෙන්. මේ විදියට කාලාන්තරයක් අපි දූපතක් ඇතුලෙ හුදකලා වීම නිසා අලුතින් මානසිකත්වයක් නිර්මාණය වුනාය. ඒ මානසිකත්වය දූපත් මානසිකත්වය විදියට හඳුන්වන්න පුලුවන්ය කියලා ඇතැම් අය කියනවා. අපේ රට වගෙ බොහෝම සශ්‍රීක රටක මිනිස්සුන්ට තිබෙන බාහිර ගැටළු අඩුයි. ඔවුන් ඉතාම සාමකාමීව උපන්නාට මෙලොවේ වැනෙනවා වැනිව ජීවත් වන්නට ඇති.

නමුත් යුරෝපා රටවල් බොහොමයක් අපි තරම් සශ්‍රීක නැහැ. සමහර රටවල් වලට තවත් රටවල් නැතුව රඳාපවතින්න හැකියාවක් ඇත්තෙම නැහැ. ඒ නිසා ඒ රටවල ඇත්තො නැව් නැගල ඇවිත ්අපේ වගේ රටවල් අල්ලා ගත්තා. අල්ල ගත්තයින් පස්සෙ අපි අර දූපත තුල ගොඩනගාගෙන තිබුන සංස්කෘතික ආධිපත්‍ය ටිකෙන් ටික දියවෙලා අලුත් සන්නිවේදන තාක්ෂණය එක්ක තවත් එකතුවෙලා වෙනස්වෙලා අමුතු තැනකට එකතුවෙන්න ලැබුනා. 

ඉතිං ආයෙත් මුලට ගියොත් අපි හෝ අමරිකන් කාරයො හෝ ජපන්නු හෝ මොනම හෝ ශිෂ්ඨාචාරගත මිනිස්සු කන්ඩායමක් දූපතකට සෙට් වුනොත්. කෝමට තියෙයිද. මේ ෆිල්ම් එකේ ඒ විදියට මිනිස්සු කන්ඩායමක් දූපතක අතරමං වීම සම්බන්ධව තිබෙනවා. ඒ අවස්ථාවන් වලදී මිනිස්සුන්ගේ සාමුහික අරමුණුවලට වඩා පුද්ගලික පටු අරමුණු වලට තැනක් ලැබෙන හැටි. ඒ පටු ආකල්ප සහිත මිනිස්සු නායකයින ්වෙන හැටි. ඒ අයගෙන ්වෙන අගතිය වගේ දෙවල් මේක ඇතුලෙ පෙන්වනවා.

වෑන් ඩෑම් හිටියාට මේ ෆිල්ම් එක පුරාවට වෑන්ඩෑම් ගහන්නෙ එකම එක ෂොට් එකක් විතරයි. වෑන්ඩෑම් වෙනමම කොමඩි චරිතයක් විදියට තමයි නිරූපනය වෙන්නෙ. කැමරා ශිල්පය සංස්කරණය වගේ තැන්වල පේන ගැටළු තිබුනත් ෆිල්ම් එකේ තේමාව ටිකක් උසස් එකක්.

අපි හැමෝම අපිට කොටුවුන රාමුවක ජීවත්වෙන්න හුරුවෙලා. එතනින් එහාට දකින්න පුලුවන් අයට තමයි ලොකු වාසි ගන්න චාන්ස් තියෙන්නෙ. සමාරවිට එහා දකින්න ගිහින් නැතිවෙන්නත් පුලුවනි. හැබැයි අපිට ඉදිරියට යන්න නම් අපි මේ කොටු වලින් ඉස්රහට යන්නම වෙනවා. 

ෆිල්ම එක කොමඩියක් . නමුත් අපි වගේ ඇත්තටම කාලයක් දූපතක් වෙලා ලෝකෙන් හුදකලා වෙලා තිබුන රටක අය විදියට බලා  කියා ගන්න වටින සිනමා පටියක් තමයි වෙල්කම් ටු ද ජංගල් කියන්නෙ. රජෙක් තෝරාගැන්ම, රජාට කිසිදු වගවිබාගයකින් තොරව දෙකට නැමීම, රජා කියනදේවල් කියන්නන් වාලේ කිරීම. සැමවිටම රජා නිවැරදි යැයි සිතීම. ආදී දූඵත් ගති රාශියක් මේ ෆිල්ම් එක තුල ලක්ෂනට බලාගන් හැකියාවක් ලැබෙනවා. 
http://www.imdb.com/title/tt2193265/?ref_=nv_wl_img_2

No comments:

Post a Comment

How to find the place

24 You can't easily find any information on Google or Ai that says that these deer are providing cheap sex services in Muang Xai. The in...