සීගිරි කටු ගී 18 (මැද මතදාරියෙක්)
ඇල දොල වැව් තනා දුන් ඔබ පියා නොවී යන එන පාසු නැති තැන මාලිගය තැනී අප දාඩියෙන් ඔබ හට මාලිගා දුනී ඔබ සුව හැර කිමක් අප හට උරුම වුනී.. ලක්ෂණ මාලිගය රජු හට දැන් ඇතුවා ජල මල් ශිලා උයනින් එය ඔප වූවා එය මැ කියා ලා රජ අපි ඇන් දූවා අපි කන නොබොන එක බඩවත් දන් නැතුවා... මේ දිය මගේ වස්තුව මා සතුව ඇතී රජු කිව් බසට පුතු කිසිදින දෙක නොවුනී.. ජන සුව නොව තමා සුව ගැන සැකෙන් උනී මුගලන් පැමිණ ඔබ කරුමය නෙලා ගතී... රජ කල තිබෙන සැපයට වැඩි ලොල් කරා යා කිසි විට කිසි දෙයක් නැතිවෙන් නැත සිතු යා සැමදා බිසෝ පිරිවර වස්තුව ඇති යා සිතු ඔබ තුමා අපිටාත් පෙර එලොව ගියා... // කස්සප රජ අබාවයෙන් පසු මැදහත් මතදාරියෙක්//// සුදු පූසා අලුත් කොල්ලා සහ මම එකතුවෙලා තමයි මේ පරණ තාප්ෙප හොයා ගත්තෙ.. මේකෙ කවි අපි මුලින්ම දැම්මෙ වැප් නිසාන්ත අයියගේ ලාංකීය සිතුවිලි ගෲප් එකේ... ඒකෙ වර්ථමාන ඇඩ්මින් වෙන්නෙ ඩී ජේ ධර්මපාල පරපුරේ අවසාන පුරුක වෙන ආදරණීය සිහින.. තාප්පෙ ඉවරයි...අපි ආයෙත් අලුත් දෙයක් හොයාගත්තොත් සෙට් වෙමු....