Posts

Showing posts from August, 2012

ස්වාසිලන්තය (swaziland)

Image
හැදින්වීමක් ස්වාසිලන්ත රාජධානිය  ලෝකයේ තියෙන කුඩාම රටවල් අතරන් එකක්. කාලයකට කලින් මේ රට ‘බසුටෝලන්තය’ නමින් හඳුන්වා තිබෙනවා. රටක් ඇතුලේ පිහිටි තවත් රටක් ලෙස හඳුනා ගන්නා ස්වාසිලන්තය සතු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 17364 ක් පමණ (බ්‍රිතාන්‍යයේ වේල්සය තරම් යැයි විකිපීඩියා කියයි,ලංකාවේ උතුරු නැගෙනහිර පලාතේ( North Eastern Province )   විශාලත්වය වර්ග කිලෝමීටර 18880කි) වේ. මෙය සම්පුර්ණ වශයෙන් පිහිටා ඇත්තේ දකුණු අප්‍රිකාව තුළ, එහි මොසැම්බික් දේශසීමාවට ආසන්නයේ ය. ඩ්‍රැගන්ස්බර්ග් කඳුවැටියේ නැගෙනහිර සීමාවේ පිහිටා ඇත. රටෙන් හතරෙන් තුනකම කඳුකර ලක්ෂණ දැකිය හැක. View Larger Map දේශගුණය හා පරිසරය            දේශගුණය තීරණය කරන පුදානම සාධකය වන්නේ කඳුකරයයි. දිවා කාලය රළු උණත්වයකින් හා රාත්‍රීකාලය දැඩි සිතලකින් යුතු යැයි කියනු ලැබේ. ශීත සෘතුවේදී දැඩි ශිත බවක් පරිසරයේ දක්නට ලැබෙන අතර කඳුකර ප්‍රදේශවලට හිම පතනය ද සිදු වේ. වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 690 ක් පමණ වේ.  සැවානා තෘණ භූමි බහුලය. ජනගහණය හා ජනතාව ලෝකයේ රටවල් අතරින් 157 වැනියට විශාලතම රාජ්‍ය ලෙස හඳුනා ගැනේ. වර්ග කිලෝමීටරයක් තුළ වාසය

ඇල්බේනියානු ඉතිහාසය History of Albanian

Image
ඇල්බේනියාවේ මුල් පදිංචි කරුවන්. ඇල්බේනියානු මුල් පදිංචිකරුවන් ගැන මෙතෙක් කරන ලද සොයාගැනීම්වල තවදුරටත් යම් අපැහැදිලිතාවයක් පවතී.  අනෙකක් තියා  පුරාවෘත්තයන්ට අනූව ද පැහැදිලි වාර්තාවක් සපයා ගැනීමට මේ වනතුරුත් මානව වංශ විද්‍යාඥයින් අපොහොසත්වී ඇත. ඇල්බේනියානුවන් පෙනිසියුලාවෙන් සංක්‍රමනය වු බව සැක කලත් තවමත් ඒ පිළිබඳ පිළිගත හැකි සාක්ෂියක් හමුවී නැත. ඒ නමුත් දැනට විශ්වාස කරන අන්දමට ඇල්බේනියානුවන් අග්නිදිග යුරෝපයේ ඉතාපැරණි  වංශයකින් පැවත එන්න් බව පැවසේ.  ඉතිහාසයේ සඳහන් ආර්‍යයන්ගේ සංක්‍රමනයන් සමඟ පැමිනි ඇල්බීනියානුවන්ද ඔවුන්ගෙන් පැවත එන්නන් බවට සැලකේ. ඔවුන් ඉතාලිය, මැකඩොනියාව වැනි රටවලින් සංක්‍රමණය වන්නට ඇති බව දැනට පැවනෙ විශ්වාසයයි.  අතීත ග්‍රීක රචකයින් විසින් මොවුන්ව "barbarous" සහ "non-Hellenic," යන නම් වලින් හඳුන්වා ඇත. අල්බේනියානු නටඹුන් මුල්කාලයේ සියුස්  දෙයින්ව අදහූ ඔවුන් පසුකාලීනව Zot නැමින් හඳුන්වන දෙවියන්ද මෑත කාලීනව Dodona නැමැති පේනකියන දෙවියාද විශ්වාස කරති. මානව වංශවිද්‍යාවට අනූව ඔවුන් තමන්ව  අග්නිදිග යුරෝපයේ Balkan  නමින් හඳුන්වනු ලෑබු

ඇල්බේනියාව- සංගීතය Albanaian music

Image
උතුරු ඇල්බේනියාව සහ දකුණු ඇල්බේනියාව යන කොටස් දෙක තුල සාම්ප්‍රදායික ජන සංගීතයට වන වෙනස් කම් දැකගත හැකිය. පහලොස් වෙනි ශතවර්ශයේ ඓතිහාසික වෙනස් වීම් අළලා විවිධ වීර කාව්‍ය ඇල්බේනියාවහුල පවතියි. අල්බේනියානු සාම්ප්‍රදායික සංගීත කන්ඩායමක වැඩවසම් සමාජයක ජීවතය ගෙවන ගැමියාගේ දුක් සෝ සුසුම් සනසනුවස් වීර කාව්‍ය ගීතනය කරනවාට අමතරව "ප්‍රත්‍යන්ත රණවිරුවන්" සඳහා වූ ඇල්බේනියානු ගීත කලාව යන කොටසේදී "ලහූටය" නැමැහි එක තතක් පමණක් පවතින වීනාවක් වැනි භාන්ඩයක් වයමින් කියන ගී කලාවකද පවතීයි.., මේ ගීත සම්ප්‍රදායම තත් දෙකක් සහිතව වාදනය කරන්නට හැකි ලෙස සකසා ගැයීමේ ක්‍රමයක්ද පවතියි.., මේ උපකරණයට "සිෆ්තෙලී" නමින් හඳුන්වයි. දකුණු ඇල්බේනියානු සංගීතය උතුරු පස සංගීත කාව්‍යන සාපේක්ෂව මෘදු සහ සොඳුරු බවක් ගනු ලබයි.., ප්‍රේමය, ආදරය, සහජීවනය සාමය වැනි ඉතා සුන්දර ගීත ගයන සමාජයකි ඇල්බේනියාවේ දකුණු පස ඇත්තේ.., බනුනාද සංගීත කලාවක් පවතින මේ පෙදෙස සංගීතය  අතීත ග්‍රීසියේ පැවති එපිරස් හී බහුනාද ගී කලාවට ද නෑකම් දක්වයි. කල්යත්ම යුරෝපීය සංගමය තුලට ඇල්බේනියාව ඇතුලත් වීමත් සමඟ සාම්ප්‍රදා

Education of Albanian අල්බේනියාවේ අධ්‍යාපනය

Image
ඇල්බේනියානුවන් ප්‍රාථමික අධ්‍යාපනය ලබන්නෙ එකේ සිට හතර වන ශ්‍රේණිය දක්වා වයස අවුරුදු 6 සිට 10 දක්වා වසර හතරක්. එයට මූලික පළමු අවදිය කියල කියනව. ඊගාවට වයස අවුරුදු 10ත් 14ත් අතර පස්වන ශ්‍රේණියේ සිට අටවන ශ්‍රේණිය දක්වා ඔවුන් මූලික දෙවන අවධිය කියන කාණ්ඩයට අයත් වෙනවා.  අල්බේනියා සිසුන්ගේ විවිධ ප්‍රසංගයක්  ඇල්බේනියානුවන්ගේ සාක්ශරතාවය 99%ක්. ලංකාවෙ වගේම මේ අවධි දෙකේ පාසල් යාම අනිවාර්‍ය කරල තියෙන එක තමා හේතුව. ඊගාවට ද්විතීයික අධ්‍යාපනය. නව වන ශ්‍රේණියෙ සිට 12 වන ශ්‍රේනිය දක්වා වයස 14-18 කාලය. මේ කාලයේදි ඔවුන්ව විශ්ව විද්‍යාලයට සූදානම් කරනවා. මේ කාලෙදිම ඕනි නම් එයාලට වෘත්තිය පුහුනු පාසලකට යනත් පුලුවන්. ඒ පාසලේදි එයාලට රැකියා පුහුණුවක් ලැබෙනවා සාමාන්‍ය ඩිප්ලෝමාවක් සහිතව. ඊට පස්සෙ තෘතියික අධ්‍යාපනය. විභාග සමත් වෙලා ඔවුන්ට පුලුවන් විශ්ව විද්‍යාලෙ යන්න. වෘත්තිය පුහුණු පාසලෙඑ අයටත් තියෙනව උසස් තාක්ෂණ ආයතන. අපෙ රටේ වාර තුනක් තිබ්බට එයාලට තියෙන්නෙ හයමාස වාර දෙකක්

ඇල්බේනියාව - දේශපාලනය

Image
පෙර මහජන ඇල්බේනියානු සමාජවාදී ජනරජය .. දැං ඇල්බේනියානු ජනරජය . ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුවකින් රට පාලනය වේ. පරිපාලන කොට්ටාශ 37කි. නිදහස් දිනය :- 1912 නොවැම්බර් 28 - එය Flag Day ලෙසද හඳුන්වයි... නිදහස ලබාගත්තේ ඔට්ටෝමන් අධිරාජ්‍යයෙනි. (මෙය තුර්කි අධිරාජ්‍යයකි. 1922 දී සම්පූර්ණයෙන්ම බිඳ වැටුනි) ව්‍යවස්ථාව 1998 ඔක්තෝම්බර් 21දින පාර්ලිමේන්තුවේදී සම්මතව, 1998 නොවැම්බර් 22දින භාරගෙන, 1998 නොවැම්බර් 28දින සිට ක්‍රියාත්මක කරන ලදී. ඡන්දබලය ලැබෙන්නේ වයස 18දීය. View Larger Map   රටේ නායකයා :- ජනාධිපති පාර්ලිමේන්තුවේ නායකයා :- අගමැති කැබිනට් මණ්ඩලය:- ඇමති මණ්ඩලය අගමැතිතුමා විසින් යෝජනා කර, ජනාධිපතිතුමා විසින් නිර්දේශ කළ පසු, පාර්ලිමේන්තුව විසින් අනුමත කරනු ලබයි. මැතිවරණ වසර 5කට වරක් ජනාධිපතිවරණයක් පැවැත්වේ. ජනාධිපති වීමට පාර්ලිමේන්තුවෙන් 3/5ක බහුතරයක් තිබිය යුතුය. දෙවරක් ජනාධිපතිධූරය දැරිය හැක. ජනාධිපතිවරයා තෝරාගන්නා මැතිවරණය වට 4කට පැවැත්වේ. ඊළඟ ජනාධිපතිවරණය 2017දී පැවැත්වේ. පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූර 140කි. තනි මන්ත්‍රී ආසන 100ක් සහ බහු මන්ත්‍