Showing posts with label අධ්‍යාපනය. Show all posts
Showing posts with label අධ්‍යාපනය. Show all posts

Monday, September 17, 2012

ඊ මේල් වෙන් කර ගැනීම (e mail filtering & labeling)


අපිට විවිධාකාරයේ ඊ මේල ලැබෙනවා..කන්තෝරු ඊ මේල වැඩිහිටියන්ට පමණයි ඉ මේල....යාලුවන්ගෙන් එන ඊමේල ආදි වශයෙන් ඊමේල එනවා...ගූගල් මේල් වලදි මේ මේල් වෙන්කරගන්න එක වැදගත්. නැත්තං වෙන්න පුලුවං වැරදි තමයි කන්තෝරුවෙන ්යාලුවන්ගෙන් එන වැදගත ්කාර්යාලිය මේල් අස්සෙ වෙනත් මාතෘකා තිබීම නිසා මේල් පැටලීම..
එසේ මේල් පැටලීමෙන් වෙන්න පුලුවං අකරතැබ්බ තමයි...
  • අනවශ්‍ය මේල් මකා දැමීමේදී අවශ්‍ය කරන මේල්ද වැරදීමෙන් මැකී යෑම..
  • කන්තෝරුවේ වැදගත් අය සිටින අවස්තා වලදී අසභ්‍ය මේල් සහ වෙනත් අනවශ්‍ය දේවල් විවෘත වීමෙන් අපහසුතා ඇතිවීම..
  • පුද්ගලික දේවල් අනෙක් අයට පෙනීමට සැලසීම..(උදා ඔබ බස් රථයේ යනවිට මේල් ජංගම උපාංගයකින් කියවන වානම් ඔබේ මේල් අනෙක් අයටත් පේනවා එවිට විවිධ දේවල් ඇති මේල් බොක්ස් එක අච්චාරුව වගේ අනික් අයට පේන එක ඒතරම් හොද නෑ)
  • දිගින් දිගට එන ගෲප් හෝ වෙනත් නෝටිෆිකේෂන් වලින් වැදගත් මේල් බැලීමට කරදර ඇතිවීම. උදාහරණ විදියට අපි බ්ලොග් එකක කමෙන්ට් සබ්ක්‍රයිබ් කලා කියලා හිතමු...ඉතිං ඒ සංවාදය නැගලා යනවානං ඔබට මේල් දිගින් දිගටම එනවා....එවිට ඔබට එන වෙනත් මේල බලාගැන් අපාසු වෙනවා...
  • තමුන්ට වැදගත් මේල් තෝරාගන්නට වේලා ගතවීම....ඒකියන්නෙ තමුන්ට ආපු සියලු මේල් එක ගොඩේ තියෙන කොට යාලුවෙක් එවපු වැදගත් මේල් එකක් කන්තෝරුවෙන් එවපු එක්ක හොයන්න රට වටේ රවුං ගහන්න වෙනවා...
සාදාගන්නා ක්‍රමය..

අපි හිතමු යොවුන් රාණි කියන ගෲප් එකෙන් හෝ විද්‍යුත් ලිපිනයෙන් ඔබට එන මේල් වෙන්කරගන්න අවශ්‍යයි කියලා...

1)inbox එකට යන්න

2) ඔබට යොවුන් රාණි ගෲපියෙන් හෝ ඇඩ්‍රසයෙන් ලැබුන  ඊ මේලයක්, අදාල ඊමේලය ඉදිරියේ ඇති කොටු ළකුණ මත හරි ලකුණ යොදා සිලෙක්ට් කරගන්න.

3) ඉන්පසු තිරයේ වම්පස තීරුවේ මදක් ඉහලට වෙන්න තිබෙන More බොත්තම ඔබා ඉන් Filter messeges like these යන්න ඔබන්න.

4)එවිට දිස් වන තිරයේ පහලින් ඇති Create filter with this search » යන්න ඔබන්න.

5)එවිට තවත් තිරයක් දිස් වේවි. ඒ තිරයේ උඩින්ම ඇති Skip the Inbox (Archive it) යන්නට හරි ලකුණක් යොදන්න. ඉන්පසු Apply the label: යටතේ ඇති Choose lable යන්න පහලට කර එතැන පහලින් ඇති කැමති ලේබලයක් තෝරන්න (අවැසිනම් ඔබට අවශ්‍ය නමකින් වුව ලේබලයක් සැකසිය හැක). 

අවශ්‍යනම් පහලින්ම ඇති create filter බොත්තමට දකුණින් ඇති Also apply filter to ______ matching conversations. යන්න ඉදිරියේ ඇති කොටුව මත හරි ලකුණ යෙදීමෙන්  ඔබේ ඉන්බොක්ස් එකේ ඇති  යොවුන් රාණියෙන් ලද පරන මැසේජ අදාල ලේබලයට ගෙන්විය හැක.

6) දැන් create filter බොත්තම ඔබා වැඩේ නිමවනතුරු විනාඩි කිහිපයක් බලා සිටින්න. දැන් යොවුන් රාණියෙන් ලැබෙන හා ලැබුණ සියලුම මැසේජ දිස්වනු ඇත්තේ ජී මේලයේ දකුණුපස ඇති Circles යන්නට යටින් ඔබ ලේබලට යෙදූ නම යටතේය.

මේ දක්වලා තියෙන්නෙ ගූගල් මේල් නැත්තං ජී මේල් වල මේල් වෙන්කරගන්න ආකාරය.අනික් මේල් වලනං කෝමද කියලා දන්නෙ නෑ...

මේ වටිනා තොරතුරු සෙයාදුන් සැමට ස්තූතිය..

Sunday, August 19, 2012

Education of Albanian අල්බේනියාවේ අධ්‍යාපනය

ඇල්බේනියානුවන් ප්‍රාථමික අධ්‍යාපනය ලබන්නෙ එකේ සිට හතර වන ශ්‍රේණිය දක්වා වයස අවුරුදු 6 සිට 10 දක්වා වසර හතරක්. එයට මූලික පළමු අවදිය කියල කියනව. ඊගාවට වයස අවුරුදු 10ත් 14ත් අතර පස්වන ශ්‍රේණියේ සිට අටවන ශ්‍රේණිය දක්වා ඔවුන් මූලික දෙවන අවධිය කියන කාණ්ඩයට අයත් වෙනවා. 
අල්බේනියා සිසුන්ගේ විවිධ ප්‍රසංගයක්
 ඇල්බේනියානුවන්ගේ සාක්ශරතාවය 99%ක්. ලංකාවෙ වගේම මේ අවධි දෙකේ පාසල් යාම අනිවාර්‍ය කරල තියෙන එක තමා හේතුව.
ඊගාවට ද්විතීයික අධ්‍යාපනය. නව වන ශ්‍රේණියෙ සිට 12 වන ශ්‍රේනිය දක්වා වයස 14-18 කාලය. මේ කාලයේදි ඔවුන්ව විශ්ව විද්‍යාලයට සූදානම් කරනවා. මේ කාලෙදිම ඕනි නම් එයාලට වෘත්තිය පුහුනු පාසලකට යනත් පුලුවන්. ඒ පාසලේදි එයාලට රැකියා පුහුණුවක් ලැබෙනවා සාමාන්‍ය ඩිප්ලෝමාවක් සහිතව.
ඊට පස්සෙ තෘතියික අධ්‍යාපනය. විභාග සමත් වෙලා ඔවුන්ට පුලුවන් විශ්ව විද්‍යාලෙ යන්න. වෘත්තිය පුහුණු පාසලෙඑ අයටත් තියෙනව උසස් තාක්ෂණ ආයතන.
අපෙ රටේ වාර තුනක් තිබ්බට එයාලට තියෙන්නෙ හයමාස වාර දෙකක්

Drink some water

27 Drinking I went to a shop to drink some water. I always get a sore throat after drinking cold water, so we bought a non-cold drink. The f...