Showing posts with label ඉතිහාසය. Show all posts
Showing posts with label ඉතිහාසය. Show all posts

Wednesday, August 22, 2012

ස්වාසිලන්තය (swaziland)

හැදින්වීමක්

ස්වාසිලන්ත රාජධානිය  ලෝකයේ තියෙන කුඩාම රටවල් අතරන් එකක්. කාලයකට කලින් මේ රට ‘බසුටෝලන්තය’ නමින් හඳුන්වා තිබෙනවා. රටක් ඇතුලේ පිහිටි තවත් රටක් ලෙස හඳුනා ගන්නා ස්වාසිලන්තය සතු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 17364 ක් පමණ (බ්‍රිතාන්‍යයේ වේල්සය තරම් යැයි විකිපීඩියා කියයි,ලංකාවේ උතුරු නැගෙනහිර පලාතේ(North Eastern Province)  විශාලත්වය වර්ග කිලෝමීටර 18880කි) වේ. මෙය සම්පුර්ණ වශයෙන් පිහිටා ඇත්තේ දකුණු අප්‍රිකාව තුළ, එහි මොසැම්බික් දේශසීමාවට ආසන්නයේ ය. ඩ්‍රැගන්ස්බර්ග් කඳුවැටියේ නැගෙනහිර සීමාවේ පිහිටා ඇත. රටෙන් හතරෙන් තුනකම කඳුකර ලක්ෂණ දැකිය හැක.


View Larger Map
දේශගුණය හා පරිසරය
           දේශගුණය තීරණය කරන පුදානම සාධකය වන්නේ කඳුකරයයි. දිවා කාලය රළු උණත්වයකින් හා රාත්‍රීකාලය දැඩි සිතලකින් යුතු යැයි කියනු ලැබේ. ශීත සෘතුවේදී දැඩි ශිත බවක් පරිසරයේ දක්නට ලැබෙන අතර කඳුකර ප්‍රදේශවලට හිම පතනය ද සිදු වේ. වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 690 ක් පමණ වේ.  සැවානා තෘණ භූමි බහුලය.

ජනගහණය හා ජනතාව
ලෝකයේ රටවල් අතරින් 157 වැනියට විශාලතම රාජ්‍ය ලෙස හඳුනා ගැනේ. වර්ග කිලෝමීටරයක් තුළ වාසය කරන ජනගහණය 73 ක් පමණ වේ.මේ රටද කුඩා බැවින් එය ඉතාම කුඩා ජනගහණයකි. භාවිතා වන රාජ්‍ය භාෂා වන්නේ ස්වාසි බස හා ඉංග්‍රීසි බසයි. ‘මබාබනි’ (Mbabane) නම්  ස්වාසිලන්තයේ පිහිටි විශාලම නගරය අගනගරය ලෙස සැලකේ. මෙහි ජනතාව දක්ෂ අශ්වාරෝහකයන් ලෙස ප්‍රකට ය. ජනතාව අතර තිබෙන විශාලතම සෞඛ්‍ය ගැටළු වන්නේ එච්.අයි. වී. ආසාදනය යි. සෑම වැඩිහිටියන් හතර දෙනෙකුගෙන්ම එක් අයෙක් මෙම වෛරසය ආසාදිතයන් වෙති. පළමු ආසාදිතයා රටෙන් වාර්තා වී ඇත්තේ 1986 වන අතර වසර තිහකටත් අඩු කාලයක් තුළ  සීග්‍ර පැතිරීමක් වේ. අවු. 15- 49 අතර වයස් කාණ්ඩයෙන් පිරිමි 18.5% කට හා ගැහැණු 28.2% කට එඩ්ස් ආසාදිතය ය.
ලෝකයේ අඩුම  ජිවිත අපේක්ෂාව ඇති රටක් වන මෙහි ජීවිත අපේක්ෂාව වසර 48 ක් පමණය. ජනගහණය 2012 මධ්‍ය වාර්ෂික ගණනය කිරිමට අනුව මිලියන 2.2 ක්  වේ. ළදරු මරරණ අනුපාතිකය 1000 ට 80ක් පමණ වේ.
 මේ අයගේ ආගම් ඇදහිම පහත ආකාරයේ සංයුතියක් පෙන්වයි.

* සියොනිස්ට් (Zionist) = 40% (ක්‍රිස්තියානි හා ස්වදේශික ආගම්/පාරම්පරික ඇදිලි මිශ්‍රිතව)
* රෝමානු කතෝලික 20%,
* මුස්ලිම්  = 10%,
* වෙනත් = 30% (ඇංග්ලිකන් (Anglican), බහායි (Baha'i), මෙන්තෝදිස්ත (Methodist),  Mormon,ජුදා)
ජනගහණයෙන් 23ක් නාගරික ය.
ස්වාසිලන්තයේ අලංකාර භූමි දර්ශනයක්.

දේශපාලය
 රාජාණ්ඩුවක් පවති. ලෙසතෝවේ රජු පාලකයා වුවත් විධායක බලතල ඇත්තේ අගමැතිවරයා සතුවය. ඡන්දයෙන් බලය පැවරේ. අවු. 18 සිට ඡන්ද බලය හිමිය. 

ආර්ථිකය /කෘෂිකර්මය
කෘෂි කාර්මික ආර්ථිකයක් පවති. යැපුම් කෘෂි කර්මයේ විශාල පිරිසක් නිරතව සිටි. එය සමස්ත ජන ගහණයෙන් 70% ක් පමණය. පහත් බිම්වලකෘෂි කටයුතු කෙරේ. ඉරිඟු / ගිනිඉරිඟු(කාපිරි ඉරිඟු) / මහමිලට් / මරිජුවානා ඉතා හොදින් වගා කෙරේ. ඉතාම සාම්ප්‍රාධායික ඉඩම් පරිහණ රටාවක් මෑතක් වන තුරුම දක්නට ලැබුණි. ඉඩම් මුළු ජාතියට ම අයත් යැයි සැලකු අතර කෘෂි කටයුතු සඳහා භාවිතා කරන ලද්දේ ද ඉතා සරළ උපකරණය. සත්ත්ව රංචු පාලනය ද සිදු කෙරේ.සමහර ස්වාසිලන්ත වැසියන් ද.අප්‍රිකාවේ ආකර වල සේවයේ යෙදි සිටිති. මේ රටවැසියන්ගේ 60% ක් පමණ දෙනෙකුගේ ජාතික ආදායම ‍දෛනිකව ඩොලර් 1.25 කට වඩා අඩු වේ. සංචාරක කර්මාන්තය හොඳින් පවත්වාගෙන යයි. 

ඉතිහාසය
දිගු ඉතිහාසයක් ඇති රටකි. ප්‍රාග් ‍‍ඓතිහාසික යුගයේ බුස්මන් වරු ඇඳි සිතුවම් මේ රටේ දි දැකිය හැක. අතිතයේදී රටේ බටහිර දෙසට තවදුරත් පැතිර තිබි ඇතැයි කියවේ. 1830-40 කාලයේ පෝර්වරුන්ගේ ආක්‍රමණ හේතුවෙන් ඩ්‍රැගන්ස්බර්ග් කඳුවැටියට මොවුන් පලා ගොස් ඇත. යටත් විජිත සමයේ බ්‍රිතාන්‍ය ආරක්ෂිත ප්‍රදේශයක් වශයෙන් පැවත 1909 දී යටත් විජිතයක් බවට පත් විය. 1968 දි නිදහස ලබා ගන්නා තෙක්ම මේ රට බසුටෝලන්තය නම් වු අතර නිදහස ලැබු පසු ස්වාසිලන්තය නම් විය. 

මුලාශ්‍ර

* විකිපීඩියා.
* සී.අයි.ඒ
* ජනගහන වාර්තාව 2012
* අප්‍රිකාව -චාමින්ද සෙනවිරත්න

මේ රට වගේම බොහෝ අප්‍රිකානු රටවල සංචාරය කරන්න අදහස් කරනවානම් අනිවාර්යෙන්ම ඔබ විසින් විශේෂිත එන්නත් සහ ප්‍රතිකාර වලට මුහුනදී යන එක හොඳයි.. මැලේරියාව හා වෙනත් අප රට තුල සුලබ නැති බෝවන රෝග බොහොමයක් අප්‍රිකානු රටවලදී හමුවෙනවා. ඒඩ්ස් වලිං පරිස්සම් වෙන්න ඕනි කියන එක ආයෙ අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ....

Tuesday, August 21, 2012

ඇල්බේනියානු ඉතිහාසය History of Albanian

ඇල්බේනියාවේ මුල් පදිංචි කරුවන්.
ඇල්බේනියානු මුල් පදිංචිකරුවන් ගැන මෙතෙක් කරන ලද සොයාගැනීම්වල තවදුරටත් යම් අපැහැදිලිතාවයක් පවතී.  අනෙකක් තියා  පුරාවෘත්තයන්ට අනූව ද පැහැදිලි වාර්තාවක් සපයා ගැනීමට මේ වනතුරුත් මානව වංශ විද්‍යාඥයින් අපොහොසත්වී ඇත.

ඇල්බේනියානුවන් පෙනිසියුලාවෙන් සංක්‍රමනය වු බව සැක කලත් තවමත් ඒ පිළිබඳ පිළිගත හැකි සාක්ෂියක් හමුවී නැත.
ඒ නමුත් දැනට විශ්වාස කරන අන්දමට ඇල්බේනියානුවන් අග්නිදිග යුරෝපයේ ඉතාපැරණි  වංශයකින් පැවත එන්න් බව පැවසේ.  ඉතිහාසයේ සඳහන් ආර්‍යයන්ගේ සංක්‍රමනයන් සමඟ පැමිනි ඇල්බීනියානුවන්ද ඔවුන්ගෙන් පැවත එන්නන් බවට සැලකේ. ඔවුන් ඉතාලිය, මැකඩොනියාව වැනි රටවලින් සංක්‍රමණය වන්නට ඇති බව දැනට පැවනෙ විශ්වාසයයි.  අතීත ග්‍රීක රචකයින් විසින් මොවුන්ව "barbarous" සහ "non-Hellenic," යන නම් වලින් හඳුන්වා ඇත.
අල්බේනියානු නටඹුන්

මුල්කාලයේ සියුස්  දෙයින්ව අදහූ ඔවුන් පසුකාලීනව Zot නැමින් හඳුන්වන දෙවියන්ද මෑත කාලීනව Dodona නැමැති පේනකියන දෙවියාද විශ්වාස කරති.

මානව වංශවිද්‍යාවට අනූව ඔවුන් තමන්ව  අග්නිදිග යුරෝපයේ Balkan  නමින් හඳුන්වනු ලෑබු ම්ලේච්චයන්ගෙන් පැවැත එන පරපුරක් ලෙස හඳුන්වන බව සඳහන්වේ.  එම ඇදහීම නිසා අසල්වාසී රටවලින් ඇල්බීනියානුවන්ට පුර්ණ නිදහස හා පිළිගැනීමක්ද ලැබී ඇති බව තවද සඳහන්ය.


ඔවුගේ භාෂාව අසල්වාසී රටවලින් සම්පූර්ණයෙන්ම වෙනස් වේ. නමුන් එය මිහිරි භාෂාවක් ලෙස සැලකේ. බොහෝවිට ඔවුන්ගේ නම් පුරාන ග්‍රීක දෙවිවරුන්ගේ නම් වලට සමාන වේ.
අල්බේනියානු පුරාතන නටඹුන්

යටත්විජිත සමය

6 වන සියවස වන විට ග්‍රීක අධිරාජ්‍යෙය්  යටත් ප්‍රදේශයක් බවට පත්වන්නට ඇල්බේනියාවට සිදුවිය.  ග්‍රීකපාලන සමය අවසන් වන විට නැවතත් බේසන්තීන් නම් අධිරාජ්‍යායටතට පත්වන්නට මේ රටට සිදුවිය.  එම පාලන සියවස් ගනනාවක් දක්වා දිව යයි.
මධ්‍යකාලීන සමයේ සිදුවූ සමාජ ආගමික විද්‍යාත්මක හා සාමාජීය වෙනස් කම් වලට මුහුණ දීමට මෙම රටටත් යටත් රාජ්‍යයක් ලෙසින් සිටියදීම සිදුවිය. මධ්‍යතන යුරෝපීය නැගී සිටීමට අනුව මෙහිද අධ්‍යාපනික, සමාජ තත්වය වැනි අංශ වල පැහැදිලි  දියුණුවක් ඇතිවිය. නමුත් එය තවදුරටත් Byzantium අධිරාජ්‍යෙය් යටත් ප්‍රදේශයක්ව නොපැවතුනි.

Byzantium රාජ්‍යයේ  බිඳවැටීමත් සමඟ ටර්ක්ස් වරුන්ගේ යටතට පත්වත මෙම රට මධ්‍යතන පුනරුදයේ වෙනස් වීම් වලට බහුලව ලක්වන්නේ ටර්ක්ස් පාලනය යටතේයි.

මෙලෙස සියවස් ගනනාවක් අධිරාජ්‍යයන් යටතේ පවතින ඇල්බේනියාව 18වන සියවස අග භාගය වන විට ඔටෝමෑන් ටර්ක්වරුන්ගෙන් නිදහස බලා 19වන සියවසේ මැද භාගය වන විට අර්ධ ටර්ක් පාලනයෙන්ද මිදී  ජනරජයක් වශයෙන් ස්ථාවර වෙයි. ඒ 1912 ඔක්තෝම්බර් සිට 1912 නොවැම්බර් 18 දක්වා කාලය අතරතුරදීය.

එසේ නිදහස ලබන ඇල්බේනියාවට රජවරු හා බිශොප් වරුන්ගේ පාලන අනුග්‍රහය ඇතිවන අතර දෙවන ලොක යුධ සමයේදී එයට නතුවන්නටත් සිදුවේ.
  ලෝක යුද්ධයෙන් පසුව ඇල්බේනියාව 1946 සහ 1976 අතර කාලයේදී  the People's Socialist Republic of Albania. ලෙස රාජ්‍ය පාලන ව්‍යුහය ක්‍රමවත්ව සකස් කර ගනී.

Drink some water

27 Drinking I went to a shop to drink some water. I always get a sore throat after drinking cold water, so we bought a non-cold drink. The f...