Posts

Showing posts from August, 2015

ගමන් ප්ලෑන gaman plan1

යාලුවනේ අපි යන ටිප් එක පටන් ගන්නෙ දිල්ලි වලින්..අපි දිල්ලි වල බහින්නෙ  06 වැනිදා උදේ 10.30ට විතර. අපිට 6 වෙනිදා 11.30 වෙද්දි පරණ දිල්ලි රේල් ඉස්ටේශමට ඇවිත් ඉන්න හැකි වේවි..  අපි බුක් කරගත්ත ෂලිමාර් එක්ස්ප්‍රස් ට්‍රේන් එක තියෙන්නෙ 15.50ට ..ඒක එනතෙක් අපිට පැය 5ක් විතර දිල්ලි ඉන්න පුලුවනි. ඇදුම් මාරුකරගැනීම ඕනිනම් අපිට දිල්ලි වලදි කරගන්න පුලුවනි. නැතත් ඒක ජම්මු ඉස්ටේශන් එකේදි වුනත් කරගත හැකි වේවි.  07 අපි ඉන්නෙ ජම්මු තාවි රේල්වේ නැවතුම් පොලේ..උදේ 0600 වෙද්දි අපිට එතන ඉන්න පුලුවන් වේවි. මෙතන දිල්ලි සිට ජම්මු දක්වා අපි දුම්රියේ යන දුර කිලෝමීටර 640ක් පමණ වෙනවා. ඒසදහා ගතවන කාලය පැය 13කට අධිකයි.      අපි දැන් මෙතන ඉදලා යන්න පටන් ගන්න ඕනි ශ්‍රී නගර් වලට..මෙතන පොඩි අවුලක් තියෙන්නෙ මේ දවස සිකුරාදා.ඒ නිසා ඇතැම් විට කෝච්චි වල ලොකු තදයක් තියේවි. ඒම වුනොත් අපිට හයර් එකට කැබ් එකක් ගන්න වේවි.  නැත්නම් උදම්පූර් වලට ගිහින් එතන ඉදලා බනිහාල් වලට බස් එකේ ගිහින් නැවත බනිහාල් ඉදලා ශ්‍රී නගර් කෝච්චියෙ යන්න වෙනවා.  ජම්මු උදම්පූර් - 70 km Udhampur - Banihal : 125 km Banihal -Srinagar - 110 km අ