හැදින්වීමක්
ස්වාසිලන්ත රාජධානිය ලෝකයේ තියෙන කුඩාම රටවල් අතරන් එකක්. කාලයකට කලින් මේ රට ‘බසුටෝලන්තය’ නමින් හඳුන්වා තිබෙනවා. රටක් ඇතුලේ පිහිටි තවත් රටක් ලෙස හඳුනා ගන්නා ස්වාසිලන්තය සතු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 17364 ක් පමණ (බ්‍රිතාන්‍යයේ වේල්සය තරම් යැයි විකිපීඩියා කියයි,ලංකාවේ උතුරු නැගෙනහිර පලාතේ(North Eastern Province) විශාලත්වය වර්ග කිලෝමීටර 18880කි) වේ. මෙය සම්පුර්ණ වශයෙන් පිහිටා ඇත්තේ දකුණු අප්‍රිකාව තුළ, එහි මොසැම්බික් දේශසීමාවට ආසන්නයේ ය. ඩ්‍රැගන්ස්බර්ග් කඳුවැටියේ නැගෙනහිර සීමාවේ පිහිටා ඇත. රටෙන් හතරෙන් තුනකම කඳුකර ලක්ෂණ දැකිය හැක.
View Larger Map
දේශගුණය හා පරිසරය
දේශගුණය තීරණය කරන පුදානම සාධකය වන්නේ කඳුකරයයි. දිවා කාලය රළු උණත්වයකින් හා රාත්‍රීකාලය දැඩි සිතලකින් යුතු යැයි කියනු ලැබේ. ශීත සෘතුවේදී දැඩි ශිත බවක් පරිසරයේ දක්නට ලැබෙන අතර කඳුකර ප්‍රදේශවලට හිම පතනය ද සිදු වේ. වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 690 ක් පමණ වේ. සැවානා තෘණ භූමි බහුලය.
ජනගහණය හා ජනතාව
ලෝකයේ රටවල් අතරින් 157 වැනියට විශාලතම රාජ්‍ය ලෙස හඳුනා ගැනේ. වර්ග කිලෝමීටරයක් තුළ වාසය කරන ජනගහණය 73 ක් පමණ වේ.මේ රටද කුඩා බැවින් එය ඉතාම කුඩා ජනගහණයකි. භාවිතා වන රාජ්‍ය භාෂා වන්නේ ස්වාසි බස හා ඉංග්‍රීසි බසයි. ‘මබාබනි’ (Mbabane) නම් ස්වාසිලන්තයේ පිහිටි විශාලම නගරය අගනගරය ලෙස සැලකේ. මෙහි ජනතාව දක්ෂ අශ්වාරෝහකයන් ලෙස ප්‍රකට ය. ජනතාව අතර තිබෙන විශාලතම සෞඛ්‍ය ගැටළු වන්නේ එච්.අයි. වී. ආසාදනය යි. සෑම වැඩිහිටියන් හතර දෙනෙකුගෙන්ම එක් අයෙක් මෙම වෛරසය ආසාදිතයන් වෙති. පළමු ආසාදිතයා රටෙන් වාර්තා වී ඇත්තේ 1986 වන අතර වසර තිහකටත් අඩු කාලයක් තුළ සීග්‍ර පැතිරීමක් වේ. අවු. 15- 49 අතර වයස් කාණ්ඩයෙන් පිරිමි 18.5% කට හා ගැහැණු 28.2% කට එඩ්ස් ආසාදිතය ය.
ලෝකයේ අඩුම ජිවිත අපේක්ෂාව ඇති රටක් වන මෙහි ජීවිත අපේක්ෂාව වසර 48 ක් පමණය. ජනගහණය 2012 මධ්‍ය වාර්ෂික ගණනය කිරිමට අනුව මිලියන 2.2 ක් වේ. ළදරු මරරණ අනුපාතිකය 1000 ට 80ක් පමණ වේ.
මේ අයගේ ආගම් ඇදහිම පහත ආකාරයේ සංයුතියක් පෙන්වයි.
* සියොනිස්ට් (Zionist) = 40% (ක්‍රිස්තියානි හා ස්වදේශික ආගම්/පාරම්පරික ඇදිලි මිශ්‍රිතව)
* රෝමානු කතෝලික = 20%,
* මුස්ලිම් = 10%,
* වෙනත් = 30% (ඇංග්ලිකන් (Anglican), බහායි (Baha'i), මෙන්තෝදිස්ත (Methodist), Mormon,ජුදා)
ජනගහණයෙන් 23ක් නාගරික ය.
දේශපාලය
රාජාණ්ඩුවක් පවති. ලෙසතෝවේ රජු පාලකයා වුවත් විධායක බලතල ඇත්තේ අගමැතිවරයා සතුවය. ඡන්දයෙන් බලය පැවරේ. අවු. 18 සිට ඡන්ද බලය හිමිය.
ආර්ථිකය /කෘෂිකර්මය
කෘෂි කාර්මික ආර්ථිකයක් පවති. යැපුම් කෘෂි කර්මයේ විශාල පිරිසක් නිරතව සිටි. එය සමස්ත ජන ගහණයෙන් 70% ක් පමණය. පහත් බිම්වලකෘෂි කටයුතු කෙරේ. ඉරිඟු / ගිනිඉරිඟු(කාපිරි ඉරිඟු) / මහමිලට් / මරිජුවානා ඉතා හොදින් වගා කෙරේ. ඉතාම සාම්ප්රාධායික ඉඩම් පරිහණ රටාවක් මෑතක් වන තුරුම දක්නට ලැබුණි. ඉඩම් මුළු ජාතියට ම අයත් යැයි සැලකු අතර කෘෂි කටයුතු සඳහා භාවිතා කරන ලද්දේ ද ඉතා සරළ උපකරණය. සත්ත්ව රංචු පාලනය ද සිදු කෙරේ.සමහර ස්වාසිලන්ත වැසියන් ද.අප්‍රිකාවේ ආකර වල සේවයේ යෙදි සිටිති. මේ රටවැසියන්ගේ 60% ක් පමණ දෙනෙකුගේ ජාතික ආදායම දෛනිකව ඩොලර් 1.25 කට වඩා අඩු වේ. සංචාරක කර්මාන්තය හොඳින් පවත්වාගෙන යයි.
ඉතිහාසය
දිගු ඉතිහාසයක් ඇති රටකි. ප්රාග් ඓතිහාසික යුගයේ බුස්මන් වරු ඇඳි සිතුවම් මේ රටේ දි දැකිය හැක. අතිතයේදී රටේ බටහිර දෙසට තවදුරත් පැතිර තිබි ඇතැයි කියවේ. 1830-40 කාලයේ පෝර්වරුන්ගේ ආක්‍රමණ හේතුවෙන් ඩ්‍රැගන්ස්බර්ග් කඳුවැටියට මොවුන් පලා ගොස් ඇත. යටත් විජිත සමයේ බ්‍රිතාන්‍ය ආරක්ෂිත ප්‍රදේශයක් වශයෙන් පැවත 1909 දී යටත් විජිතයක් බවට පත් විය. 1968 දි නිදහස ලබා ගන්නා තෙක්ම මේ රට බසුටෝලන්තය නම් වු අතර නිදහස ලැබු පසු ස්වාසිලන්තය නම් විය.
මුලාශ්‍ර
* විකිපීඩියා.
* සී.අයි.ඒ
* ජනගහන වාර්තාව 2012
* අප්‍රිකාව -චාමින්ද සෙනවිරත්න
මේ රට වගේම බොහෝ අප්‍රිකානු රටවල සංචාරය කරන්න අදහස් කරනවානම් අනිවාර්යෙන්ම ඔබ විසින් විශේෂිත එන්නත් සහ ප්‍රතිකාර වලට මුහුනදී යන එක හොඳයි.. මැලේරියාව හා වෙනත් අප රට තුල සුලබ නැති බෝවන රෝග බොහොමයක් අප්‍රිකානු රටවලදී හමුවෙනවා. ඒඩ්ස් වලිං පරිස්සම් වෙන්න ඕනි කියන එක ආයෙ අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ....
රජා ආව කියල දැනගත්තු වෙලාවෙ මාත් මේ රට ගැන හොයල බැලුව.. හොඳ විස්තරයක්.
ReplyDeleteඒඩිස් එහෙමත් වැඩිපුර තියෙනවැයි කියන්නෙ...
ජය!
වටිනා සටහනක්!
ReplyDeleteමාත් ස්වාසිලන්තය ගැන දැනගත්තේ මේ ලගදී.නියමයි ලිපිය.දිගටම ලියන්න.මගෙන් සුබපැතුම් !
ReplyDeleteස්වාසිලන්තෙ ගැන දැන්නේ දැනගත්තේ...
ReplyDeleteවැදගත් ලිපියක්...
ReplyDelete