Tuesday, April 30, 2013

සීගිරි කටු ගී 18 (මැද මතදාරියෙක්)

ඇල දොල වැව් තනා දුන් ඔබ පියා නොවී
යන එන පාසු නැති තැන මාලිගය තැනී
අප දාඩියෙන් ඔබ හට මාලිගා දුනී
ඔබ සුව හැර කිමක් අප හට උරුම වුනී..

ලක්ෂණ මාලිගය රජු හට දැන් ඇතුවා
ජල මල් ශිලා උයනින් එය ඔප වූවා
එය මැ කියා ලා රජ අපි ඇන් දූවා
අපි කන නොබොන එක බඩවත් දන් නැතුවා...

මේ දිය මගේ වස්තුව මා සතුව ඇතී
රජු කිව් බසට පුතු කිසිදින දෙක නොවුනී..
ජන සුව නොව තමා සුව ගැන සැකෙන් උනී
මුගලන් පැමිණ ඔබ කරුමය නෙලා ගතී...

රජ කල තිබෙන සැපයට වැඩි ලොල් කරා යා
කිසි විට කිසි දෙයක් නැතිවෙන් නැත සිතු  යා
සැමදා බිසෝ පිරිවර වස්තුව ඇති     යා
සිතු ඔබ තුමා අපිටාත් පෙර එලොව ගියා...


// කස්සප රජ අබාවයෙන් පසු මැදහත් මතදාරියෙක්////

සුදු පූසා අලුත් කොල්ලා සහ මම එකතුවෙලා තමයි මේ පරණ තාප්ෙප හොයා ගත්තෙ..
මේකෙ කවි අපි මුලින්ම දැම්මෙ වැප් නිසාන්ත අයියගේ ලාංකීය සිතුවිලි ගෲප් එකේ...
ඒකෙ වර්ථමාන ඇඩ්මින් වෙන්නෙ ඩී ජේ ධර්මපාල පරපුරේ අවසාන පුරුක වෙන ආදරණීය සිහින..
තාප්පෙ ඉවරයි...අපි ආයෙත් අලුත් දෙයක් හොයාගත්තොත් සෙට් වෙමු....


Monday, April 29, 2013

සීගිරි කටු ගී 17 (විනාසය)

ඊස්සර තිබුන  වැල පොටෝ 
පෙන් වනන්ට කියලා
ගල දිගේ බඩගාමුද අහාලා
ඇල දිහා පැනල හොදට නාලා
කාලා බීලා යන්න අපි මෙහි එන්නට ආවා

මේකෙ ඇති වැල පොටෝ වක් නෑනේ
ඩබල් කෑලි දෙක තුනක් ලොකුවට ඇත්තේ
නාන්න වතුර තියා හරියට රෙන්න තැනක් නෑනේ
අයියෝ සීගිරි අයියෝ ෂල්ලී අපිට ආතල් නෑනේ









//මේකනං අද ඊයෙ රට හුනු කූරකින්  ලියපු එකක් වගේ...මේ ලංකාඩේ බ්ලොග් එකේ තියනවා සිගිරියෙ පාසුකම් අඩුයි කියලා..//

 මේ ඊට යටිං තිබුන වටින කමෙන්ට් එකක් වෙන් ඇති..

රට කරවන්නනං//
රන් දත් ඇති කටේ
ව්ටිනා කියන දත්
ගැලවිය යුතුය රටේ
 
කියල කිව්වෙ කට ක්හනවටද ආයිබොං.
 
සීගිරිය මැලේසියානු හරි චීන සමාගමකට හරි බද්දට දුන්නනං ඔය පාරවල් හදලා ලස්සන රැස්ටෝරන්ට් දාලා ෂෝක් එකට කරගෙන යයි.
 
අලුත් කොල්ලා
 

Sunday, April 28, 2013

සීගිරි කටු ගී 16 (සැකකාර සිත)

සීගිරිය බලන්නට,
ගොස් ආවෙ ඔහු අදය
ආව පසු මා එක්ක,
කතාවත් හරි අඩුය
අවුල තේරුම් ගත්තෙ,
පසුය විස්තර ඇහුව
 
මා වගේ ගැහැණියක්
රූප වල ඇඳ ඇතිලු
නමුත් ඇගෙ තන මඩල
මට වඩා හරි ලොකුලු
අපෙ මිනිහ ප්‍රස්නයක
විසඳන්න බැරි අවුල
 
ඔහු අහයි බැල්ලියේ
තෝ හිටියෙ වාසලෙද?
වාසලේ හිටියනං
දැං තනේ පොඩි මොකද?
 
මාලිගාවට ගිහිං
හමු වෙලා මහ ඇමති
විසඳනා තුරු අවුල
ඔහු හිටියෙ වෙන ඇඳක
 
 
- සීගිරි චිත්‍ර බලන්නට ගොස් අනවශ්‍ය සැකයක් ඇති කරගත් සැමියෙකුගේ බිරිඳ ගැටලුව අවසන් වූ පසු කාන්තාවන් කවි ලියන වෙනමම බිත්තියක ලියා තිබු කවි.
 
 අලුත් කොල්ලා
 

Saturday, April 27, 2013

සීගිරි කටු ගී 15 ( හාමුදුරුවන්ගේ සිතුවිලි)

මල් ගත් ගැහැනු
අල් ලගෙන මල්
සිල් වත් සාදුලා
සොයා අසපුවල ගොසින්
වල් මත් වෙලා වත්ද

එක ගෑනියෙක් වත්
මේ වගේ ලස්සන
පුන් පියොරු දක්කන්
ආවෙ නැති හැටි
අපේ පං සල් පැත්තෙ...


( මේ ගෑනු මල් අරගෙන පංසල් යනවායැයි පේන මුත් තමුංෙග් පංසලට මේ වගේ ගෑනු ආවෙ නැති බව සිතූ සාදු කෙනෙක් මේ කව බිත්තියේ ලියා ඇති බව පෙනේ.. )

Friday, April 26, 2013

සීගිරි කටු ගී 14 ( ඇපල් සහ පැපොල්)

ඇත්තට නම්
ඈතට ඇපොල් ගෙඩි
මෑතට ආහම පැපොල් වෙනවා
ඒත් මට නං මේ සිගිරි තං ගෙඩි
ඈතටත් මෑතටත්
දෙකටම උතුම් නොවැ..

(එකල සීගිරියේ ගල වටා චිත්‍ර පන්සියයක් විතර තිබෙන්නට ඇතිබවත් ඒ චිත්‍ර ඈතට පේන්නට ඇති බවත් පුරා විද්‍යඥයෝ පවසන අතර එකල මේ අෑත මෑත කතාව ලියවුන බවක් අපිට නිගමනය කල හැක...)\


ගල උඩ තන් යන්න වෛද්‍ය ශාස්ත්‍රයට අනුව අසාමාන්‍ය පිහිටිමක් බවද එය පිලිබඳ වැඩි සෙවුමකින් වැඩි විස්තර කියන බවද මං ප්‍රකාශ කරමි
 
- සීගීරි චිත්‍ර ප්‍රොජෙක්ටුව පටං ගන්නට පෙර මාළිගාවේ මහ වෙදනාගේ අදහස්.
 

Thursday, April 25, 2013

සීගිරි කටු ගී 13(පෙම්වතාගේ අතීතය)

තාත්තේ අනේ බාං
අපේ අමිමටාත් ඒ වගේ ලොකු
තං දෙකාක් හයි කොරලා දීපාං
කියලා මං සුට්ටං එකා කාලෙ 

සීගිරි ආවම
කෑ ගැහුවා මතකයි....

මිනිස්සු කට ඇරගෙන පුදුමෙන් බලාගෙන
සමහරු කට අතින් වහගෙන හිකිස් පනීවි යැයි බයෙන්

 අපේ තාත්ත කට කොනින් හිනාවෙවී
අම්මා ලැජ්ජාවෙන් වෙන දිහා ක් බලාගෙන..

මං බලාගෙන මොකද මේ කියලා වටපිට

සීයා කියාපි...යමං කෝ ගෙදර මං ලොකු තනයක්
විදියෙ සූප්පුවක් දෙන්නං තොට...


දැන් මතක් වෙද්දි
හිනායනවා හොදට...අපේ ගෑනි බලනවා
මේ මොකද මේ මිනිහා සීගිරි

 තන් දිහා බලං
යන්තං හිනාව..

මගේ තන් කැතවත්ද?
මගේ තන් මදි වත්ද
අයියෝ මෙ හෙමිජ්ජා වගේ හිටියාට


ලොකු තන් කොහෙන් හරි දැකලවත්ද
කියලා මෝඩ ගෑනි හිතනවා ඇති...


(කපල් එකක් සිගිරි ගියවිට ඒ කොල්ලා ට අතිතය මතක් වී සහ එවිට පෙම්වතිය සිතන දෑ පිලිබද ලියූ කුරුටු ගීයකි.....)

Wednesday, April 24, 2013

සීගිරි කටු ගී 12 (විශ්ලේෂක)

මේ සීගිරි ගලේ ඇත්තටම මොකක්ද තියෙන්නේ? මම නම් මේක දකින්නේ ස්ත්‍රීවාදි ෆැන්ටසියක් විදිහට. මෙතනදී සිත්තරා පෙන්නන්න හදන්නේ ෆෙමිනයින් ෆැන්ටසි එකක්. තමන් කැමති ඇඳුමක් ඇඳගෙන තමන් කැමති විදිහට ඉන්න ලැබෙන නිදහස් තැනක්. සාම්ප්‍රදායික ස්ත්‍රිය මේ දිහා ටිකක් කුහක විදිහට බලයි. ඒත් ඒ ස්ත්‍රියේ අභ්‍යන්තරයෙත් තියෙනවා සිත්තරා මේකේ පෙන්නට ෆැන්ටසියම. හැබැයි ඒ සම්ප්‍රදායික ස්ත්‍රියගේ ස්ත්‍රීවාදී අදහස් සම්ප්‍රදාය විසින් යටපත් කරලා තියෙන්නේ. ඇත්තටම මේ සීගිරි චිත්‍ර අපේ රජ පරම්පරාවල් වල සිතුවම් වෙනස්ම අතකය යොමුකරලා තියෙනවා. අපි කියවන්න උත්සාහ කළ යුතුයි මේ සිතුවම් වල තියෙන දේශපාලනය.

(කාශ්‍යප රජු සමයේ මානව විශ්ලේෂකයෙනක්) 

 මේ කටු ගීයට යටින් වෝල් එකේ  කමෙන්ට් එකක් ද තිබුනි..

මේ විස්ලේසකයා හවස් අත පොඩි ජොයින්ටෙකක් හෙම ඇදල වගේ ඉඳල තියෙන්නෙ මේ ප්‍රකාසෙ කරන වෙලේ
 

Tuesday, April 23, 2013

සීගිරි කටු ගී 11 (සිත්තරාගේ පිළිතුර)

බලන උන්ට පෙනුනාට ලස්සන

පපුව පුම්බගෙන
සිත්තරා ඉදිරිපිට
මල් තියාගෙන
ඉදපු අපි නෙව දන්නෙ

විදපු දුක


අතරින් පතර එන මැතිවරු
ලස්සන බලන්න ඇවිත් තන්
මිරිකලා ගිය කැත

සික් පාහර
පුරුෂ ආධිපත්‍යය
සිත්තර වලට යටින් ඇති
අපේ දුක බොලා නොඅදුනන සැටි.....

(එකල සිගිරි රජ දවස දැන් සිත්තර වල සිය රුව අදින්නට දුන් කස්සප අන්තප්පුරයේ සිටි කාන්තා සංවිධාන කෙල්ලක්)

මේ අංගනාවන්ගේ කවියට කමෙන්ට් ලෙස බිත්තියට වැටුන පිළිතුරු කවිය පහතින් 

මුං කියන කුණු හබ්බ
ගෑණුනං ඔහොමමය
රෙද්ද ගලවා දමා
පුම්බාන ඔය පපුව
මල් ටිකක් අත අරං
ඉන්න එක කජ්ජක්ද
 
මුංගෙ පපු බලබලා
ගල් ගැට්ටෙ එල්ලිලා
පින්සලෙං රූප ඇඳි
අපි නොවැයි දුක වින්දෙ
 
බලන්නට අවසරය
නමුත් බැහැ අල්ලන්ට
රජා කම් සුව විඳී
අපිට එය තහනංය
 
රූප ඇඳ අහවරව
ගෙදර යමු කෙලිං කොට
ගෙදර ගොස් අහවරව
අදෝනා අඩහැරය
ඒක ඉවසත හැකිද
අපෙ ගෑණු වස කැතය
 
//හරි හැටි සැපක් ගෙවීමක් නොලැබ රූප ඇඳි සිත්තරුංගේ දුක් ගැනවිල්ලක්.//
 
අලුත් කොල්ලා
 

Monday, April 22, 2013

සීගිරි කටු ගී 10

බලන උන්ට පෙනුනාට ලස්සන

පපුව පුම්බගෙන
සිත්තරා ඉදිරිපිට
මල් තියාගෙන
ඉදපු අපි නෙව දන්නෙ

විදපු දුක


අතරින් පතර එන මැතිවරු
ලස්සන බලන්න ඇවිත් තන්
මිරිකලා ගිය කැත

සික් පාහර
පුරුෂ ආධිපත්‍යය
සිත්තර වලට යටින් ඇති
අපේ දුක බොලා නොඅදුනන සැටි.....

(එකල සිගිරි රජ දවස දැන් සිත්තර වල සිය රුව අදින්නට දුන් කස්සප අන්තප්පුරයේ සිටි කාන්තා සංවිධාන කෙල්ලක්)

Sunday, April 21, 2013

සීගිරි කටු ගී 9

කසුප් රජුන් ධාතුසේනයන්

පස්ගසා මිහිදන් නොකළ වග

මාලිගේ කුඩා කල

සිට හැදුණු මම් දනිම්


මිණි පුටුව ඇති පුරය

මා නමට පවරමින්

කසුප් රජු මට දුන්නෙ

සළු පිළි දෙවුමමය

-මරු වින සෙනවියා ගමක් ගමක් ගානේ බෙදූ මැටි පලකයකින් උපුටාගත්තකි.

Saturday, April 20, 2013

සීගිරි කටු ගී 8

සිත්තර උයන් වතු නම් ඇස් පිනයි
ඒත් ගිම්හාන වස්සාන මාලිගා
කහවනු ලක්ෂ 27ක් වියදම් කොට තැනූ රිය පොල
රජුනි අපේ ළමෝ බඩට නොකා රැස්කරවූ බද්දෙන්
ඔබ කෙලින අපූරුව....

අගෙයි රජුනි අගෙයි..මුගලන් එනතුරු..
නොවැ මේ සෙල්ලම්..ආ දාක වේවි ලෙල්ලම්.....
ධාතුසේන තුමාටත් නිගාවක් නොවෙද?
මේ බහුරූ කෝලම් වලට යන වියදම...


(කස්සප රජු දවස විමුක්ති පෙරමුන..)

Friday, April 19, 2013

සීගිරි කටු ගී 7

අවදිවව් හෙළයනි!
ගල්කැට අතින් ගෙන
දොහොත් මුදුනේ තබා යමු
එන් ජී ඕ කාසි වලට
සීගිරියේ නිරුවත් රූඇඳි සිත්තරා සොයා


-කස්සප රජු සමයේ BBS-


හැමදාම කුඹුරක් හේනක් කොටාන ඉන්න පොදු ජනතාවත් ඉද හිට සංතෝෂ විය යුතුයි. අපේ අරමුන ජනතාවගේ ආතතිය තුරං කිරීම පමණය
 
- කාශ්‍යප රජුගේ මාද්‍ය ප්‍රකාසක.
 
 

Thursday, April 18, 2013

සීගිරි කටු ගී 6

කස්සප තුමනි
කැපුව එක හොදයි
මා අංගජාතය...
තිබුනා නං වද දේවි බෝ සෙයින්...
මේ සිත්තර වල අංගනාවන් දැකලා....
අන්තප්පුරේ මෙ යුවතියින්
මෙයිට වඩා බෝ ලක්ෂණයි
නිකංම කියනවා නොවෙයි අත් දැකීමෙන්මැයි..



එකල අන්තප්පුරය සමග අනිසි සම්බන්ධතා පැවැත්වූ අයකුගේ කවියක් බවට මෙය සොයාගෙන ඇත..

අසුවල් එක කපා තිබියදීත් ඒ අයගේ තිබුන රජතුමාට පක්ෂපාති බව පහත කවියෙන් මොනවට පැහැදිලි වෙයි...මෙය පසුව සොයාගන්නා ලදී.. 

කස්සප තුමන් කැපුවා නොවේ
මා විසින්ම කපා ගත්තෙමි
මාගේ අංගජාතය
වැරදි කරුය මං
අඩුවම් විඳිය යුතුමය
මා කළ වරදට
රජුට පව් ද නැත
මා ම ගපා ගත් නිසා දැන්



Wednesday, April 17, 2013

සීගිරි කටු ගී 4

මේ සුදු තං
කලු තං
බෝල තං
ඔක්කොම ඌට බං

අපි ඕක්කොන්ටම ලොට තං..


මෙය සීගිරි කාෂ්‍යප රජුට පරිවාර ස්ත්‍රින් වැඩිපුර ලැබීම නිසා උරණ වූ අයකුගේ කවියක් බව විශේෂඥ මතය වෙයි..

Tuesday, April 16, 2013

සීගිරි කටු ගී 5

මේ සීගිරි කටු ගී සමාරක් රජුට විරුද්ධව ලියු ඒවා නිසා ඒවා ලියු අය පසුපස සුදු ගොනුන්බැඳි කරත්ත යන්නට අැතිබවට මතයක් ඇත.. සුදු ගොනුන්බැඳි කරත්තයක් වාසලින් නික්මෙනවා දුටු රාජපුරුෂයෙකු පොඩි ගල් කැබැල්ලක එය ලියා සිය ඇඹේනියට යැවූ කෙටි පණිවිඩ ගල් කැබැල්ලක් යැයි සැකකල හැති ගල් පතුරක  මෙසේ සඳහන් වෙයි..

 තල්ල සලමින් උන් සුදු ගොනෙකු ගේ
වල්ල තලමින් එකෙක්
සොල්ල සොල්ලා ගෙජ්ජි

  පැන්නා දැන් වාසලින්
කෙල්ල ගෙට ගං විගහින්....


නාල්ලා ඉදිං උඹත් 

ඔය මූනත් තහඩුව එලියට..
ඉදපං මල්ලෙ දැම්ම පොල් වගේ..
නොසෙල්වී නොපෙනන්ට...


Monday, April 15, 2013

සීගිරි කටු ගී 3

වල් පරයිනි මේ ගෑනුන්ගේ යට කොටස නොඇන්ද සිත්තරාව හෙලා දකිමු...
ගෑනු බාගෙට පෙන්වා ජාතිය විනාස කරන ඒ සිත්තරාගේ පරම්පරාව වනසමු....



ඊ ලඟට අදින සිතුවං වල යට ඇන්දේ නැත්තං චිත්‍ර සිල්පීංට කුණු බිත්තර ගහනවා
 
එකල සිටි අන්තගාමී සංවිධාන විසින් මෙම කටු සටහන් ලියන්නට ඇති බව විශේෂඥ මතය වෙයි. 

Sunday, April 14, 2013

අලුත් සීගිරි කටු ගී 2

 
දෙතන බොගේ අපෙ ඇත්තිට වඩා හැඩයි
දත් වලනං කහපාටක් නැති ගානයි
උකුලේ උඩ හේනක් මට කෙටිය හැකියි
උඹව මගේ ඇදට ගන්ට මං ආසයි

Saturday, April 13, 2013

අලුත් සීගිරි කටු ගී

ඉබින්න හිතුනා උබේ තොල්පෙති
සිරාවට මම ඉබිනවා ඕවා
ඇත්තම වගේ තියනවා ලස්සනට ඇදලා...
ඒත් බලං ඉන්න උන් කියාවි
මං ගල් බිත්තියකට කිස් දෙන මෝඩයෙක් කියලා...


මෙය සීගිරිය බලන්නට පැමිණ තොල් සිපින්නට තැනූ කොල්ලකුගේ විය හැකි බව පුරාවිද්‍යා මතය වෙයි..

The Almsgiving Tour

23 I had to write about this almsgiving tour before. I missed it. The almsgiving tour in Luang Prabang is a huge hit. It has become fully co...