Wednesday, April 24, 2013

සීගිරි කටු ගී 12 (විශ්ලේෂක)

මේ සීගිරි ගලේ ඇත්තටම මොකක්ද තියෙන්නේ? මම නම් මේක දකින්නේ ස්ත්‍රීවාදි ෆැන්ටසියක් විදිහට. මෙතනදී සිත්තරා පෙන්නන්න හදන්නේ ෆෙමිනයින් ෆැන්ටසි එකක්. තමන් කැමති ඇඳුමක් ඇඳගෙන තමන් කැමති විදිහට ඉන්න ලැබෙන නිදහස් තැනක්. සාම්ප්‍රදායික ස්ත්‍රිය මේ දිහා ටිකක් කුහක විදිහට බලයි. ඒත් ඒ ස්ත්‍රියේ අභ්‍යන්තරයෙත් තියෙනවා සිත්තරා මේකේ පෙන්නට ෆැන්ටසියම. හැබැයි ඒ සම්ප්‍රදායික ස්ත්‍රියගේ ස්ත්‍රීවාදී අදහස් සම්ප්‍රදාය විසින් යටපත් කරලා තියෙන්නේ. ඇත්තටම මේ සීගිරි චිත්‍ර අපේ රජ පරම්පරාවල් වල සිතුවම් වෙනස්ම අතකය යොමුකරලා තියෙනවා. අපි කියවන්න උත්සාහ කළ යුතුයි මේ සිතුවම් වල තියෙන දේශපාලනය.

(කාශ්‍යප රජු සමයේ මානව විශ්ලේෂකයෙනක්) 

 මේ කටු ගීයට යටින් වෝල් එකේ  කමෙන්ට් එකක් ද තිබුනි..

මේ විස්ලේසකයා හවස් අත පොඩි ජොයින්ටෙකක් හෙම ඇදල වගේ ඉඳල තියෙන්නෙ මේ ප්‍රකාසෙ කරන වෙලේ
 

No comments:

Post a Comment

Drink some water

27 Drinking I went to a shop to drink some water. I always get a sore throat after drinking cold water, so we bought a non-cold drink. The f...