Tuesday, April 23, 2013

සීගිරි කටු ගී 11 (සිත්තරාගේ පිළිතුර)

බලන උන්ට පෙනුනාට ලස්සන

පපුව පුම්බගෙන
සිත්තරා ඉදිරිපිට
මල් තියාගෙන
ඉදපු අපි නෙව දන්නෙ

විදපු දුක


අතරින් පතර එන මැතිවරු
ලස්සන බලන්න ඇවිත් තන්
මිරිකලා ගිය කැත

සික් පාහර
පුරුෂ ආධිපත්‍යය
සිත්තර වලට යටින් ඇති
අපේ දුක බොලා නොඅදුනන සැටි.....

(එකල සිගිරි රජ දවස දැන් සිත්තර වල සිය රුව අදින්නට දුන් කස්සප අන්තප්පුරයේ සිටි කාන්තා සංවිධාන කෙල්ලක්)

මේ අංගනාවන්ගේ කවියට කමෙන්ට් ලෙස බිත්තියට වැටුන පිළිතුරු කවිය පහතින් 

මුං කියන කුණු හබ්බ
ගෑණුනං ඔහොමමය
රෙද්ද ගලවා දමා
පුම්බාන ඔය පපුව
මල් ටිකක් අත අරං
ඉන්න එක කජ්ජක්ද
 
මුංගෙ පපු බලබලා
ගල් ගැට්ටෙ එල්ලිලා
පින්සලෙං රූප ඇඳි
අපි නොවැයි දුක වින්දෙ
 
බලන්නට අවසරය
නමුත් බැහැ අල්ලන්ට
රජා කම් සුව විඳී
අපිට එය තහනංය
 
රූප ඇඳ අහවරව
ගෙදර යමු කෙලිං කොට
ගෙදර ගොස් අහවරව
අදෝනා අඩහැරය
ඒක ඉවසත හැකිද
අපෙ ගෑණු වස කැතය
 
//හරි හැටි සැපක් ගෙවීමක් නොලැබ රූප ඇඳි සිත්තරුංගේ දුක් ගැනවිල්ලක්.//
 
අලුත් කොල්ලා
 

No comments:

Post a Comment

Drink some water

27 Drinking I went to a shop to drink some water. I always get a sore throat after drinking cold water, so we bought a non-cold drink. The f...