Sunday, April 28, 2013

සීගිරි කටු ගී 16 (සැකකාර සිත)

සීගිරිය බලන්නට,
ගොස් ආවෙ ඔහු අදය
ආව පසු මා එක්ක,
කතාවත් හරි අඩුය
අවුල තේරුම් ගත්තෙ,
පසුය විස්තර ඇහුව
 
මා වගේ ගැහැණියක්
රූප වල ඇඳ ඇතිලු
නමුත් ඇගෙ තන මඩල
මට වඩා හරි ලොකුලු
අපෙ මිනිහ ප්‍රස්නයක
විසඳන්න බැරි අවුල
 
ඔහු අහයි බැල්ලියේ
තෝ හිටියෙ වාසලෙද?
වාසලේ හිටියනං
දැං තනේ පොඩි මොකද?
 
මාලිගාවට ගිහිං
හමු වෙලා මහ ඇමති
විසඳනා තුරු අවුල
ඔහු හිටියෙ වෙන ඇඳක
 
 
- සීගිරි චිත්‍ර බලන්නට ගොස් අනවශ්‍ය සැකයක් ඇති කරගත් සැමියෙකුගේ බිරිඳ ගැටලුව අවසන් වූ පසු කාන්තාවන් කවි ලියන වෙනමම බිත්තියක ලියා තිබු කවි.
 
 අලුත් කොල්ලා
 

No comments:

Post a Comment

Drink some water

27 Drinking I went to a shop to drink some water. I always get a sore throat after drinking cold water, so we bought a non-cold drink. The f...